ආණ්ඩුවට එරෙහිව ජනතාවගෙන් මතුවන විරෝධය හයිජැක් කිරීමට කිසිම අයෙක්ට ඉඩ ලබානොදෙන බවත්, හෙට (15) දිනයේදී ආරම්භ කරන ආණ්ඩු විරෝධී සටන ඉදිරියට ගෙන ගොස් ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවන බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පැවසුවේය.

බල ලෝභීත්වයෙන් තොර ජනතාව වෙනුවෙන් අවංකව පෙනී සිටින අයට මේ අරගලය සමග එක්වීමට හැකියාව ඇති බවත්, විපක්ෂ නායක කාර්යාලයේදි අද (14* පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී අදහස් දක්වමින් කීවේය.

ආණ්ඩුව හොදයැයි සිතන අයට ගෙදරට වී සිටිය හැකි බවත්, ආණ්ඩුවේ ක‍්‍රියා කලාපය අනුමත නොරකන අයට හෙට (15) දිනයේදී පාරට බැසින ලෙස මන්ත‍්‍රීවරයා ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙසේද කීවේය.

හෙට දවසේදී කොළඹට එන්නේ රට බේරාගන්න. දැන් ඉවසුවා ඇති. මේ පණිවුඩය ලබාදෙන්නේ ජනතාවගෙන් එන පීඩනය නිසා. රටේ ජනතාව ලෙස ඔබ තමයි මේ පීඩනය දරාගන්න බෑ, පීඩනය ඉවසන්න බෑ කියන එක.

දරුවට කිරි දෙන්න විදියක් නෑ. තෙල් ගන්න පෝලිමේ ඉන්නවා. මේ රටේ බහුතර ජනතාව මේ ගැන ක‍්‍රියාමාර්ග ගන්න කියලා කියනවා. විපක්ෂය පළමු වෙඩිමුරය තබන්න සූදානම්. ජන අරගලය ආරම්භ කරන්න සූදානම්. මේ ජන අරගලය ආරම්භ කිරීමට පක්ෂ, පාට භේධ පැත්තකට දාලා කොළඹට එන්න. ඔබ කුමන තරාතිරමක සිටියත්, කුමන වෘත්තියක යෙදුනත් ඔබට මේ ආණ්ඩුව හොදනම් ගෙදර ඉන්න. ඔබට මේ ආණ්ඩුව නරක නම්, මේ ආණ්ඩුව දරුවන්ගේ අනාගතය විනාස කරනවා කියලා තේරෙනවානම් හෙට සවස දෙක වන විට කොළඹ එන්න. මේ ජන අරගලය විපක්ෂයේ වැඩක්, විපක්ෂය කෝ කියමින් ඉන්න එපා.

හැට නම ලක්ෂයක ඔබ තමයි මේ ආණ්ඩුවට ඡුන්දයදුන්නේ. මේ ඡුන්දය දුන්න අයම තමයි විපක්ෂය මුකුත් කරන්නේ නෑ කියන්නේ. සර්ට බැරි බව, සර් ෆේල් බව කිව්වේ, මොල හතට මේක කරන්න බැරි බව අවභෝධ කරලා දුන්නේ විපක්ෂයේ අපි තමයි.

පාස්කු ප‍්‍රහාරයේ මහ මොලකරුවන් අල්ලනවා කියලා ඇවිත් ඒවා යට ගහපු හැටි කිව්වේ අපි. පවුලක් හොරකම් කරපු හැටි කිව්වේ අපි. ඩීල් විපක්ෂයක් වෙනුවට ජනතා විපක්ෂයක් ලෙස කටයුතු කළේ අපි.

මේ රටේ විසදාගන්න බැරි මානව හිමිකම් පිළිබද ප‍්‍රශ්ණ ජාත්‍යන්තරයට අරගෙන ගිිහින් ඒවා විසදන්න කටයුතු කළේ අපි. විපක්ෂය අපේ සාධනීය කටයුතු කරමින් සිටිනවා. මේ වෙලාවේ පාරට බහින්න. ෆේස් බුක් එකේ කොටමින් ඉන්නේ නැතිව ජන අරගලයට පණ පොවන්න එන්න. මේ අවස්ථාව, වැදගත් අවස්ථාවක් බව අවභෝධ කරගන්න.

කලාකරුවන් පසුගිය දවස්වල, ඇවිත් මහින්ද රාජපක්ෂ මහත්තයාට උදව් කරන්න කිව්වා. ඇස් දෙක වහගත්තාම රාජපක්ෂලාගේ මූණ පේනවා කියලා කිව්වා. තවමත් ඒ මූණ පේනවාද කියලා අපිට අහන්න තියෙන්නේ. දැන් දරුවන්ගේ අනාගතයට මොකද වෙන්නේ කියලා පේනවාද?ජනතාව අන්නදපු කලා කරුවන් තරපු වැරැුද්ද නිවරදි කරගැනීමට පාරට බැසීමට දැන් කාලය හරි. ජනතාව නොමග යවපු කලාකරුවන්ට පාරට බහින්න කියලා අපි කියනවා. හිරේ දාලා ඉන්න රංජන් වෙනුවෙන් පාරට බහින්න කියලා අපි ආරාධනා කරනවා.

ඔරකල් ඩේටා බේස් එක්ක වැඩ කරන කෙනෙක් පත් කරන්න කියලා වියත් මගේ අය ඇවිත් කිව්වා. අපේ උගත්කමින්, වියත්කමින් ආණ්ඩුවට උදව් කරනවා කියලා රටම රැුවටුවා. ඔබලා රටට කළ විනාසය විශාලයි. රට බංකොලොත් වෙන්න උදව් කරපු වියතුන්ටත් පාරට ඇවිත් වරද නිවරදි කරගන්න කියලා අපි කියනවා.

කැළණි ගගේ නයෙක් මතුවෙලා, මේඩ් ඉන් චයිනා කරඩුවක් මතු කරගනිපු හාමුරුරුවන්ටත්, ඉන්න රටක් ඔ්න කියලා බණ කියලා රටම අමාරුවේ දාපු හාමුදුරුවන්ටත් පාරට බහින්න කියලා හාමුදරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. තමුන්ට දානේ දෙන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න පාරට බහින්න කියලා අපි කියනවා.

දුටුගැමුණු රජ්ජුරුවන්ට රගපාපු පුද්ගලයෙක්, දුටුගැමුනු රජ්ජුරුවෝ කියලා හිතාගෙන ජනතාව රැුවටුනා. මේ විදියට තවත් රැුවටිය යුතු නෑ. ඒ රැුවටුන ජනතාවටත් පාරට බහින්න කියලා අපි ආරාධනා කරනවා.

අපිත් ගොවියෝ කියාගෙන ඇවිත් මේ ආණ්ඩුව කෘෂි ආර්ථිකය විනාශ කළා. ගොවියා රවටපු අයට එරෙහිව පාරට බහින්න කියලා අපි ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කෘෂි ආර්ථිකය විනාශ කළ අයට එරෙහිව සටන ආරම්භ කිරීමට හොද වෙලාව තමයි මේ.

සංචාරක කර්මාන්තය ඔලුව උස්සගෙන ආවා විතරයි ?ට විදුලිය කපනවා. සංචාරක කර්මාන්තයට අවශ්‍ය දේවල් ආනයනය කිරීමට හැකියාවක් නෑ. සියලුම කර්මාන්ත කඩාගෙන වැටෙනවා. වෙලාවට විදුලිය දෙන්න බැරිනම්, ඉන්ධන දෙන්න බැරිනම් සියලුම කර්මාන්ත කඩාගෙන වැටෙනවා.

මොල හත විතරක් නෙමෙයි අනික් හැමෝගේම මොල එකතු කළත් මේ ආණ්ඩුව රට ගොඩ දාන්න බෑ. ඒ නිසා වහාම ගෙදර යන්න. අපි හැමෝ එකතු කරගෙන ආණ්ඩුවක් කරන්න සූදානම්. අපිට ජනතාවට කන්න බොන්න දෙන යුගයක් උදා කරන්න පුලුවන්. හොරකම් නොකරන අලුත් වැඩපිළිවෙලක් එක්ක රට ඉදිරියට අරගෙන යනවා.

ලි ක්වාන් යූලා, මහතීර් මොහොඩම්ඩලා ඉන්න ආණ්ඩුවක් ගේනවා කියලා විමල් වීරවංශලා, ගම්මන්පිලලා කිව්වා. මේවා කියපු අය නැව ගිලෙන විට නැවෙන් පැනලා. රටේ අන්තවාදයෙන් බේරාගන්න එන් කිව්වේ නැවෙන් පැනපු මීයෝ ටිකම තමයි. එදා මහින්ද රාජපක්ෂට තිබුණ ජන මතය හයිජැක් කළා වගේ ආණ්ඩු විරෝධි ජනමතය හයිජැක් කරලා, වෙන කොහේ හරි පාක් කරගැනීමට අපි ඉඩ දෙන්නේ නෑ. හෙට මේ ගොඩ නැගෙන ජන විරෝධය හරහා තමන්ට ලකුනු දාගන්න ඉඩ දෙන්නේ නෑ. මේක සැබෑ ජන අරගයක් මිස තවත් කණ්ඩායමක දේශපාලන අරමුණු වෙනුවෙන්, දේශපාලන අනාථයින්ට මේක අම්බලමක් නෙමෙයි

විස්සට අත උස්සපු ඇමරිකන් කාරයින්ට තනතුරු දෙනවිට නිහඩව ඉදලා දැන් අවලස්සන ඇමරිකානුවෙක්ය කියන දෙබිඩි චරිත මේ රටේ දේශපාලනයෙන් තුරන් විය යුතුයි. රටට ආදරේ දේශපාලඥයින් විතරයි ඉතිරි විය යුතු වන්නේ.

ඉතිහාසයේ මැතිවරණ එන විට අත්හදා බැලීමක් කරන්න ඔ්න කියලා කිව්වා. නොදන්නා ගෝඨාභය ගෙනවිත් කළා වගේ අත්හදාබැලීම් කරන්න වෙලාවක් නෙමෙයි මේ. කළ පුරුද්ද, පළ පුරුද්ද ඇති කණ්ඩායමක් සමග ඉදිරියට යන්න වෙලා තියෙනවා

මේ ආණ්ඩුව හැමෝගෙන්ම පලි අරගෙන. ඡුන්දය දුන්න හැට නම ලක්ෂයගෙනුත් පලි ගන්නවා. මුලින්ම ගත්ත තීරන රිවස් කළා. අයි.එම්.එෆ් යන්නේ නෑ කිව්වා. ඩොලරය පා කරන්නේ නෑ කිව්වා. ඒත් දැන් ඒවා සේරම කරනවා. කලින්ම අයි.එම්.එෆ් එකට ගියානම් මේ ප‍්‍රශ්ණ ඇතිවෙන්නේ නෑ. මේ උද්දච්ඡු ආණ්ඩුව අද උම්මත්තක තත්වයට පත්වෙලා. උම්මත්තක කම නිසා රටින් පැනලා නොගියත්, මේ උම්මත්තක ආණ්ඩුව ජනතා බලයෙන් පලවා හරිනවා

මේ රට මුස්ලිම් අන්තවාදයෙන් බේරාගන්න ඔ්න කියලා රටට ඇවිත් ඡුන්දය දුන්නා. දැන් කන්න බොන්න නැති රටක් තියෙන්නේ. අපි කියන්නේ හැට නම ලක්ෂයක් රවටපු හැමෝටම කිය්නනේ පාරට බහින්න කියලා. හෙටින් ආරම්භ කරන සටන ජන අරගලයක් තුළින් ජනතා ආණ්ඩුවක් අපි පිහිටුවනවා.

බැසිල් රාජපක්ෂ විතරක් නෙමෙයි ආණ්ඩුවම ගෙදර යවන්න අපි කටයුතු කරනවා.අපේ ජන අරගලය එක්ක සියලුම පාර්ශව වලට එකතුවෙන්න පුලුවන්. අපි ආණ්ඩුව එලවන්න උදව් කරන ඔ්නම කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙන්න පුලවුන්. එහෙම නැතිව ආණ්ඩු විරෝධය වෙන තැනක පාක් කරගැනීමට ඉඩ දෙන්නේ නෑ. ආණ්ඩු විරෝධය අරගෙන වෙන තැනකට මුක්කු ගහන්න අපි ඉඩ දෙන්නේ නෑ.

අද එකතුවෙන, හෙට ඉවත් වෙන, බලය වෙනුවෙන් කටයුතු කරන අය නෙමෙයි, ජනතාව වෙනුවෙන් පෙනී සිටින අයට විතරයි අපිත් එක්ක එකතු වෙන්න පුලුවන්.

අද ආණ්ඩුවෙන් එළියට බැහැපු අය තමන්ට පුද්ගලික දේවල් නොලැබුණ නිසා, ඇමැතිකම් නැති වුන නිසා තමයි ආණ්ඩුවට පහර දෙන්නේ. ඔවුන්ට වරප‍්‍රසාද ලැබුණා නම් මේ විදියට ඉවත් වෙලා කෑ ගහන්නේ නෑ.