වර්තමානයේ ශ්‍රි ලංකාව මුහුණ දෙන අර්ථික අර්බුදකාරී ප්‍රශ්න නිසා ලෝක අප්‍රවාදයෙන් බේරීම සදහා ආණ්ඩුව සර්ව පාක්ෂික සමුළුක් පැවැත්විමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ රට මුහුණ දෙන අභියෝග හමුවේ ලෝක අඩාර ලබා ගැනිම සදහා ලෝකයට චිත්‍රයක් මවා පෑමට සර්ව පාක්ෂික සමුළුවක් ආණ්ඩුව පවත්වන බවත් මෙය නාටකයක් බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේය .

තවද අත්තනායක මන්ත්‍රීවරයා කියා සිටියේ සර්ව පාක්ෂික සමුළුවක් වෙනුවට ආණ්ඩුව ඉදිරියට කිරීමට අපේක්ෂා කරන ජාතික වැඩපිළිවෙළ කුමක්ද යන්න රටේ ජනතාවට කියන ලෙසයි .

ආණ්ඩුව මාධ්‍ය ම්ත්‍යාවක් කිරීමට කටයුතු කරමින් සිටින බව ද, මන්ත්‍රීවරයා පවසා සිටි අතර සමගි ජන බලවේගය සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වෙනවාද යන්න මෙතෙක් තිරණය කර නැති බවත් ඉදිරියේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයදී සාකච්ඡා කර එය තීරණය කරන බව ද, මන්ත්‍රීවරයා පැවසීය.

තව දුරටත් කියා සිටියේ වර්තමාන ආණ්ඩුවට රට ගොඩනැගිය නොහැකි බවත් රට ගොඩනැගිය හැක්කේ සමගි ජන බලවේගයේ ප්‍රමුඛ කණ්ඩායමට බව ද, මන්ත්‍රීවරයා පැවසීය.

තවද ආණ්ඩුව කොපමණ බාධක හෙට දිනයේ යෙදුවාත් ආණ්ඩුවට විරෝධය දැක්වීමට බෙදි වෙන් නොවි සියලුදෙනාට කොළඹට පැමිණෙන ලෙස ද, තිස්ස අත්තනායක මහතා ආරාධනා කළ සිටියේය .

මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

සටහන – CJ