අද කාන්තා දිනය සමරන අවස්ථාව වනවිට මේ රටේ කාන්තාවන්ට ජීවත්වීමේ අයිතිය, භාෂණයේ නිදහස , ජීවත්වීමේ අයිතිය නැති කර ඇති බවත් එය ව්‍යවස්ථාව තුළින් ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත්වීමට දීලා තියෙන අයිතියක් එවා සියල්ල නැති කර ඇති බව සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණී තලතා අතුකෝරල මහත්මිය පවසයි .

අද ජනාධිපතිවරයා ඇතුළු මේ ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව කාන්තාවන් හැටියට පෙළ ගැසෙන්න සිදු වී ඇති බව ද, ඇය කියා සිටියාය.

වැඩි දුරටත් පැවසූ තලතා අතුකෝරල මන්ත්‍රීණිවරිය,

“කාන්තා දිනයක් සමරන කොට දින 365 ම කාන්තා දිනයක් විය යුතුයි. කාන්තාව මාර්තු 8වැනිදා ට විතරක් ලඝු කරන්න බැහැ .ආර්ථිකය ගැන කතා කළත් ගෙදර බුදුන් අම්මා කියලා කතා කරත් කාන්තාවට තිබුණු හයිය අද කොන්ද කඩලා විනාශ කරලා. දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න ඉන්න ගැබිනි මාතාවගේ ත්‍රීපෝෂ එකේ ඉදලා අවසානයේ තියෙන සියලු දේවල් රටේ ආරක්ෂාව තහවුරු කරන්නේ කියලා ආපු මේ ආණ්ඩුව නැති කරලා. කාන්තාවන්ගේ ඉඳලා ගැබිනි කාන්තාව දක්වා සියල්ලම අයිති නැති කරලා. මේ වෙනකොට අපිට අහන්න සිදුවෙලා තියෙන්නේ සමහර අය කාන්තා දිනය සමරන්න යන්නේ කොන්ද තියෙන කාන්තාවන් හැටියට ද එහෙම නැත්නම් තමන්ගේ අයිතිය හරියට තියාගෙන ද කියන එක කණගාටුවෙන් මතක් කරනවා.

විශේෂයෙන්ම අද කාන්තා දිනයේ අපේ හිටපු සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියට පසුගිය දවසක සිදුකළ මැරබලය චන්ඩි බලය ඒ මහා නින්දිත අපහාස කිරීම තුළ කාන්තාවන් හැටියට අපි ඉතාම කනගාටු වෙනවා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විරෝධතාවය ජනාධිපතිවරයාටත් මේ රටේ නියෝජනය කරන හැට නම ලක්ෂයකින් පත්වෙච්ච සියලු දෙනාටමත් පළ කරනවා.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනිය කාන්තාවක් හැටියට එතුමිය තීරණය කළේ මේ වගේ පීඩා වලට කාන්තාවක් ලක්වෙච්ච යුගයක් මීට කලින් ඇවිත් නැහැ කියන එකයි. කිසිම දවසක දරුවෙකුට කිරි පිටි ටික නැති වුණේ නැහැ. ගැබිනි මව්වරුන්ට ත්‍රිපෝෂ නැති වුණේ නැහැ. ඒ වගේම අඩුම තරමේ ගෑස් , තෙල් පෝලිම් මීට පෙර තිබුණේ නැහැ .ආරක්ෂාවක් නැති රටක ආරක්ෂාවක් හදන්න ඇවිත් අද සම්පූර්ණයෙන්ම රටේ සියලු දෙනාවම අනාරක්ෂිත තැනකට පත් කරලා .ඒ වෙනුවෙන් හඬක් නගන මවක් දියනියක් හැටියට හිරුණිකා පේමචන්ද්‍ර මැතිනිය ජනාධිපතිවරයාට මේ සම්බන්ධව අවශ්‍ය අවධානය යොමු කරන්න කරපු උත්සාහයක් ගත්තේ. එතුමිය එම ස්ථානයට යන විට කිසි කෙනෙක් ඒ කටයුත්ත අනුමත කරනවා පේන්න තිබුණේ නැහැ හැබැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීතුමිය කියන්නේ ජනාධිපතිවරයා යටතේ මේ ආණ්ඩුව යටතේ විශාල වශයෙන් අසාධාරණයට ලක් වූ කාන්තාවක් තමාගේ පියා ඝාතනය වුණා ඒ සම්බන්ධයෙන් මිනීමැරුම් චෝදනා ලබපු ඒ සඳහා හරියාකාරව අධිකරණ ක්‍රියාමාර්ග තුලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පූර්ව තීන්දුවකින් සියලුම විනිශ්චයකාර්ය වරුන් ලබා දුන් තීන්දුවක් අනුව මරණ දඬුවම තීරණය වූ චූදිතයෙකුට පොදු සමාව ලබාදුන්නා එවැනි පීඩනයකින් ඉන්න කාන්තාවක් එතුමිය දරුවන් තිදෙනෙක් ඉන්න මවක් තමන්ගේ පියා ඝාතනය වුණාට පසුව සාධාරණයක් නොවේ යැයි කියලා හිතපු එතුමියට අද වෙනකොට දරුවන් වෙනුවෙන් අම්මාවරු වෙනුවෙන් මේ රටේ සියලුම සහෝදරියන් වෙනුවෙන් හඬක් නගන්නට වුවමනාවක් තිබුණා .ඉතින් අපි විශේෂයෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මමත් රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියත් සමගි ජන බලවේගය අපි කාන්තා පෙරමුණ හැටියට මේ කටයුත්ත සම්පූර්ණ හෙළාදකිනවා එතුමියගෙ නිවසට ගිහින් එතුමියට මැර තර්ජන කරන්න තරම් ඇයි මේ රට මේ තත්වයට පත්කරලා තියෙන්නේ. නීතිය හදන්න ආරක්ෂාව හදන්න ආපු ජනාධිපතිවරයාට අදහසක් ප්‍රකාශ කිරීම තුළ විධ ගැනීමේ ශක්තියක් නැත්තම් වැඩක් නැහැ .ඒ තත්ත්වයම තමයි අද පාර්ලිමේන්තුව ඇතිවෙලා තියෙන්නේ සභාගර්භය පාලනය කිරීමක් නැහැ එවැනි චන්ඩි පිරිසට තනතුරු ලබා දීලා ඒ අය හරහා අපි ප්‍රජාතන්ත්‍රවාදීව නගන හඬ යටපත් කරන්න ක්‍රියාත්මක වෙනවා. රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය වාචික හිංසනයට ලක් වෙච්ච මන්ත්‍රීතුමියක් අපි දිගින් දිගටම කිව්වා එවැනි දේවල් පාර්ලිමේන්තු ගර්භය තුළ සිදු වෙන එක වලක්වන්න කියලා හැබැයි ඒ සම්බන්ධයෙන් කිසිම තීන්දුවක් තීරණයක් වුණේ නැහැ අවසානයේ කියන්න සිදුවුණේ ඒ අදාළ මන්ත්‍රීවරයා මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කරන්න කියන එක තමයි අපිට ඉල්ලන්න ඕනේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ අපේ අයිතිය ආරක්ෂා කරන්න ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා.

කාන්තා මන්ත්‍රීවරියන් හැටියට කියනවා පක්ෂය අදාල නැහැ අනෙකුත් මන්ත්‍රීවරියන් ටත් මෙයට මුහුණ දෙන්න සිදු වේවි” යැයි මන්ත්‍රීවරිය කියා සිටියාය .

මේ බව පවසා සිටියේ අද(08) විපක්ෂ නායක කාර්‍යලයේ දීය.