යුද සමයේදී වත් නොවුණු ආකාරයට ධිවර ජනතාව වර්තමානය වනවිට විශාල අනතුරකට මුහුණ දී ඇති බව සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා පවසයි .
ඔහු වැඩි දුරටත් කියා සිටියේ ,
“මේ ආණ්ඩුවට රජය ගෙනියන්න බැරි තත්ත්වයක් උදාවෙලා අද උතුරේ ධීවරයින් අනතුරේ දාලා.යුද්ධය සමයේ උතුරේ ධීවරයන්ට මෙවැනි විශාල බලපෑම් ඇති වුණේ නැහැ. ඔවුන් ධීවර කර්මාන්තය සාර්ථකව කරගෙන ගියා. යුද්ධය නිමා වෙලා වසර 13ක් වෙනවා. උතුරු මුහුද නාවික හමුදාවට බාරයට පත්වෙලා අවුරුදු දහතුනක් වෙනවා. නමුත් මේ රටේ උතුරේ ඇති වූ ඒ ධීවරයන්ගේ ප්‍රශ්නයට රජයෙන් කිසිම විසඳුමක් ලබා දී නොමැති බව” මන්ත්‍රීවරයා කියා සිටියේය .
තව දුරටත් කියා සිටි මන්ත්‍රීවරයා ,
“අපිට මතකයි 1994 සිරිමා ශාස්ත්‍රීය ගිවිසුමේ කච්චතිව් වරාය අපට පවරා දෙන කොට අපේ මුහුදු වර්ග සැතපුම් හතරක් ඉන්දියාවට දුන්නා. එසේ දීපු නිසා ඉන්දියාවෙන් එදා ආක්‍රමණය කරන්න ගත්තා .ඉන්දියානු ධීවරයෝ මත්ස්‍යයින් අල්ලා ඉවර උනාම තමයි ලංකාවෙ මුහුදට ඉන්දියාවේ අය ආක්‍රමණය කළේ. විශේෂයෙන්ම ඒ සංවර්ධනය යුද්ධයෙන් පස්සේ නාවික හමුදාව මේවගෙන් ඉවත් වෙලා උතුරු නැගෙනහිර ඇතිවෙච්ච ධීවරයන්ට ඇතිවෙච්ච ප්‍රශ්නයෙන් නාවික හමුදාව ඉවත් වෙලා තියෙන්නේ. අපිට මතකයි 2015 යහපාලන ආණ්ඩුව ගත්තට පස්සේ අපි සාර්ථකව මේ උතුරේ ධීවරයන්ගේ අයිතිවාසිකම් රැකදුන්නා එය 75% ක්. ඔහුට රැකියාව කරන්න අවස්ථාව උදාකර දුන්නා.අපි 2017 බෝට්ටු 71ක් අත්අඩංගුවට ගත්තා එදා ඉඳලම ද්වී පාර්ශ්වික සාකච්ඡා පැවැත්වූවා එයට නාවික හමුදාව, පෝස්ගාර්ඩ් එක, ධීවර සමිති, සංවිධාන සියලුම අය එක්ක සාකච්ඡා පවත්වමින් කරගෙන ගියා .අවසානයේ විසඳීමට බැරිනම් වෙඩි තියන්න හිටපු අගමැති වෙඩි තියන්නත් නියෝග දුන්නා එහෙම රැකගෙන අපි ධීවර කර්මාන්තය ඉදිරියට ගෙනාවා. නමුත් මේ ආණ්ඩුව ආවට පස්සේ උතුරේ මත්ස්‍ය සම්පත සියල්ලක්ම මංකොල්ල කන්න පටන් ගත්තා.
එයට හේතුව පවරීස් ඉස්සා තමයි මුල .උතුරු ඉන්දියාවේ ජනතාව ඉන්දියා බල ප්‍රදේශයේ ඉස්සා අල්ලලා ඉවර වෙනකොට තමයි 94 ගිවිසුම ආවේ. ඒ ගිවිසුමත් එක්ක තමයි ලංකාවේ මුහුද ආක්‍රමණය කරන්න ගත්තේ. එය වැඩි ගැඹුරක් නැහැ පවරීස් ඉස්සා ලෝකයේ විශාල ඉල්ලුමක් තියෙන ඉස්සෙක්.එම ඉස්සා පොළොවේ අඟල් හතරක් යට නිදාගෙන ඉන්නේ එම නිසා තමයි යකඩ පීලි දාලා rolling කරන්නේ. ඉන්දියාවේ එහි ආදායම ඩොලර් මිලියන දාහක් වෙනවා. මත්ස්‍ය අපේ අපනයනයෙන් ලංකාවේ ආදායම තියෙන්නේ ඩොලර් මිලියන 300 යි අපේ රටේ ඉස්සො ටික ඉන්දියාව ඩොලර් මිලියන දාහක් ගන්නවා ඉස්සෝ අල්ලන්න අපේ රජයේ අමාත්‍යාංශය නාරා ආයතනය පරීක්ෂණ කරලා උතුරේ ධීවරයන්ට අල්ලන්න කටයුතු කරන්න ඕන. මේ ඉස්සා ගැන තියෙන ආදායම රටේ ජනතාව දන්නේ නැහැ. දැනට ලබාදෙන්න ඇමරිකාවට පමණයි. විශේෂයෙන්ම කියනවා උතුරේ ධීවර සම්පත රෝලින් කරනකොට ඉස්සෝ විතරක් නෙමෙයි පොකිරිස්සො, මාළු කොරල්පර, සියලුම සම්පත් සියල්ලක් ම විනාශයට පත්වෙලා තමයි එම ඉස්සා අල්ලන්නේ ” බව මන්ත්‍රීවරයා පැවසීය .
මෙසේ කියා සිටියේ අද(11) විපක්ෂ නායක කාර්යලයේ දීය .