ජාතික නිදහස් දිනය නිමිත්තෙන්, ජනාධිපති විශේෂ සමාව යටතේ අද නිදහස ලබන පුද්ගලයන් අතර රන්ජන්ගේ නම නැති බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

වසරකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින රන්ජන්ට අද නිදහස ලැබෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළේ ය.

අද දිනයේ ජනාධිපති සමාව පිරිනමා නිදහස් කරනු ලබන සිරකරුවන් අතරට රන්ජන්ද එක් කරන ලෙස විපක්ෂනායක සජිත් පේ‍්‍රමාදස, ජනාධිපතිවරයාගෙන් පෞද්ගලිකවම ඉල්ලා සිටි බවද පැවසී ය.

එමෙන්ම නිදහස ලබා පැමිණෙන රන්ජන්ව පිළිගැනීමට රන්ජන්ට හිතවත් බොහෝ පිරිසක් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට පැමිණ පැය ගණනාවක් බලා සිටියේ ය.

කෙසේ වෙතත්, අද දිනයේ දී රන්ජන්ව නිදහස් නොකරනු ඇති බවයි පැවසෙන්නේ.