රජය එන්නත්කරණය ව්‍යාපාරයක් බවට පත් කර ගනිම්න් කටයුතු කර බව සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි .

ඩොලර් 15 ට සයිනොෆාම් එන්නතක් ගන්න කොට ඩොලර් 10ට බංග්ලාදේශය ගත්තෙ බව සනාථ කිරීම සඳහා බංගලාදේශ විදේශ අමාත්යමවරයාගේ ප්රටකාශයක, බංගලාදේශ් අග්‍රාමාත්‍යවරයාගේ සහ ලේකම්ගෙ ප්‍රකාශයක් කැබිනට් මණ්ඩල ප්‍රකාශයක ලේකම්වරයාගේ ප්‍රකාශ සහ තවත් පුවත්පතක් මගින් තහවුරු කල බවත් ඩොලර් 10 ටයි මිලදි ගත් බව රාජිත සේනාරත්න මහතා කියා සිටියේය .


වැඩි දුරටත් කියා සිටියේ,

එහිදී මිල එළියට යයි කියලා චීනය විශාල කලබැගෑනිය කට පත් වුණා .චීනය මිල ඉදිරිපත් කිරීමට අකමැති වු බවත් ඒ හොරකමේ රහස. රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව නිකුත් කළ ණයවර ලිපිය තමන් සතුව තිබෙන බවත් එය 2021 ජුනි 22 වැනි දා sinofame international හොංකොං ලිමිටඩ් එහිදී එන්නත් මිලියන 02ක් සදහා මුදල ඩොලර් 15යි. මිලියන 02ට ඩොලර් 15 ගානේ මුළු ගාන මිලියන 30ක් බවත්ය .

තව දුරටත් පැවසූ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා,

“ජුලි 13 ණයවර ලිපියක් ඇරලා තියෙනවා ඒකත් sinofame hong kong international limited එකට එහි ගාන එන්නත් මිලියන දෙකක් සදහා එ u s ඩොලර් 7ක් වෙනවා. ඒ තුලින් පේනවා ජුනි 22 ඩොලර් 15 යි , ජුලි 13 ඩොලර් 7යි වෙනස ඩොලර් මිලියන 16ක් ලංකාවෙ සල්ලි වලින් රුපියල් මිලියන 3200 කට වැඩියි කෝටි 320 ක වෙනසක්. මේ පලවෙනි එක නෙවෙයි දෙවෙනි එක තමයි නියම මිල ඩොලර් 7 ඒක 15ට වැඩි කරලා ගත්තා. එහිදී එකකින් ඩොලර් 8ක් එක්කෙනෙක් ගහලා තියෙනවා එසේ ගැහුවම මිලියන 20කට ඩොලර් මිලියන 16 මේ ගනුදෙනුවේ තියෙනවා එය කාගේ හෝ සාක්කුවට ගිහින්.

ස්පුට්නික් එන්නත ගෙනාවේ කීයටද එක් ලක්ෂ විසි දාහක් ගෙනත් තියෙනවා ඒක දෙසැම්බර් 21 වෙනතුරු ලංකාවට ගෙනත් තියෙනවා. එහි ගාණ ඩොලර් 9.95යි ස්පුට්නික් එන්නත කියන්නේ විශාල කාර්යක්ෂමතාවයක් තියෙන එන්නතක් සයිනොෆාම් ඊට අඩුයි එහි කාර්යක්ෂමතාවත් අඩුයි .ඒ තුලත් වෙනසක් පේනවා.

ෆයිසර් එන්නත ගෙන්වලා තියෙනවා u s dollar 7.897ක් එහි දී චීන සයිනොෆාම් එකට ඩොලර් 15ක් ගෙවනවා .
ඖෂධ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ කිව්වේ ඩොලර් 7 කට ගත්තා කියලා. නමුත් අරගෙන තියෙන්නේ ඩොලර් 15ට විශාල මංකොල්ලයක් රුපියල් බිලියන 3.1 ක මංකොල්ලයක් එවැනි දේ පිළිබදව පැහැදිලිව කියන්න මොකක්ද වෙලා තියෙන්නේ කොහොමද දින ගානකට මෙච්චර ලොකු වෙනසක් වෙන්නේ අද මේ වගේ දේවල් කරන්න ගිහින් තමයි වසංගතයේ පැතිරිලා තියෙන්නේ බව” මන්ත්‍රීවරයා පවසා සිටියේ ය.

මේ බව කියා සිටියේ අද (01) විපක්ෂ නායක කාර්‍යලයේ දීය .