ආණ්ඩුව අද වන විට ප්‍රතිපත්තියක් නොමැතිව ගමන් කරන බව සමගි තරුණ බලවේගයේ ජාතික සංවිධායක චමිත් විජේසුන්දර මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද(21) විපක්ෂ නායක කාර්‍යලයේ දීය .

වැඩි දුරටත් කියා සිටි චමිත් විජේසුන්දර මහතා,

“අද වෙන විට මාධ්‍ය සාකච්ඡා තියලා කතා කරලා වැඩක් නැහැ ජනතාවට ආණ්ඩුව එපා වෙලා පහුගිය දවස් වල මාධ්‍යයේ දැක්කා ජනතාව අලුයම 03නේ ඉඳන් ගෑස් පෝලිම පෝලිම් වල විපක්ෂය ඇතුළු විද්වතුන් ආණ්ඩුවට උපදෙස් දුන්නත් ආණ්ඩුව එදා වේල ටුවර්ස් යන්නම් වාලේ යන ගමනක් තියන්නේ.

පසුගියදා ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති උදේ අයින් කරාම හවස නැවතත් පත් කරනවා. කෘෂිකර්ම ඇමති හාල් ඇටයක් පිටරටින් ගේන්නේ නැහැ කියලා දැන් ගෙන්වනවා.

පසු ගිය දවසේ ජනාධිපතිතුමා විසින් රාජාසන කතාවක් සිදුකළා ඉන්පසු ජනතාවට කියනවා රටේ ඩොලර් නැහැ කියලා ඒක අපි දන්නවා නැවතත් කියනවා කෘෂිකර්මය ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා කියලා ඒකත් අපි දන්නවා ජනාධිපතිතුමනි ඒ ගැන ඔබතුමා අපිට කියන්න දෙයක් නැහැ අපි බලාපොරොත්තු වුණේ ඔබතුමාගෙන් ඒවාට පිළිතුරුයි වැරැද්දක් උනාට කමක් නැහැ අඩුම තරමේ එයා හදාගෙන එයට විසඳුමක් පෙන්වා දීම ජනාධිපති වරයාගේ හා ආණ්ඩු වගකීමක් ඒ ගැන ජනතාවට කියන වැඩක් නැහැ.

ජනාධිපතිතුමා බලයට ඇවිත් වසර දෙකක් වෙනවා ඇවිත් වන ගහණය 30%කින් වැඩි කරනවා ඇවිත් සිදු කළේ ඒකෙ අනිත් පැත්ත ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට ගස් පේන්න බැරි කාලයක් ආවා. පසුව කොරෝනා රැල්ලක් ආවා එහිදී මිනිස්සු රෝහල්වල ඇඳන් යට හිටියේ මිනිස්සුන්ට හරියට ප්‍රතිකාර ටික කරගන්න බැරි වුණා රට වහන්න කියලා විපක්ෂ නායක තුමා ඇතුළු මන්ත්‍රීවරුන් කියද්දී ආණ්ඩුව නහයට ඇහුවේ නැහැ එන්නත ගෙන්වන්න කිව්වම පැණි පස්සේ ගිහින් මුට්ටි ගඟට දැම්මා විපක්ෂයට ඇහුම්කන් දුන්නේ නැහැ එම නිසා ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඔමික්‍රෝන් ප්‍රභේදය වැඩිවෙමින් යනවා එම නිසා ප්‍රවේශම් වෙන ඉල්ලනවා. රජයට ජනතාව පරිස්සං කරන්න වත් නැවත රට වහන්න සූදානම් නැහැ මැරෙන කෙනෙක්ට මැරෙන්න දීලා රට කරන්න තමයි ආණ්ඩුව උත්සාහ කරන්නේ.

ඒ වගේම බිලියන ගණන් වැය කරලා සුදු අලි ව්‍යාපෘති කරා නමුත් අද ජනතාවට කන්න නැහැ ගෑස් පෝලිම කිරිපිටි පෝලිම හැමතැනම ඒ අතර සිමෙන්ති පෝලිමක් තියෙනවා ජනාධිපතිතුමා චිත්‍ර ඇඳපු තරුණ තරුණියන්ට නැවත ආරාධනා කරනවා ඇවිත් ආණ්ඩුවට උදව් කරන්න කියලා ජනාධිපතිතුමාට මේ මොහොතේ මතක් කරනවා ඒ අය දැන් නැහැ කියලා ඒ අය පාස්පෝට් පෝලිමේ ඉඳන් දැන් රට ගිහිල්ලා ඒ ඔබතුමාගේ වැඩපිළිවෙළ ගැන කලකිරිලා ඔබතුමා බලයට ඇවිත් කිසිම කටවුට් එකක් ගහන්නේ නැහැ කිව්වා නමුත් අධිවේගී මාර්ගය විවෘත කරපු වෙලාවේ කුරුණෑගල හැමතැනම ඔබතුමාගේ්ත් මල්ලිගෙත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ගේ කටවුට් හැමතැනම ඒවා නවත්තන යුගයක් කියලා බලයට ඇවිත් අද ඒකේ අනෙක් පැත්ත කරනවා ඒ වගේම ඔබතුමා කිව්වා මම යන්නේ වාහන දෙකකින් විතරයි කියලා නමුත් මුළු ලෝකයම දැක්කා අධිවේගී මාර්ගය විවෘත කරපු වෙලාවේ වාහන පෝලිමක් ගියා තව දුරටත් බොරු කරන්න එපා .ලොකු ජිප් වල ඔබතුමා පිරිවරාගෙන පාරවල් විවෘත කරන්න යනවා ජනාදිපතිතුමනි ලැජ්ජායි. එකක් කියලා වෙනත් විදියකට වැඩ කරන්න එපා.

අද රටේ කිරිපිටි නැහැ බඩුමිල අහස උසට නැගලා. හැබැයි පහුගිය දවස් වල නාමල් රාජපක්ෂ ඇමතිතුමා හෙලිකොප්ටරෙන් යනවා ජනතාවට පටි තද කරගන්න කියලා රජයේ උදවිය සුර සැප විඳින බව” චමිත් විජේසුන්දර මහතා පැවසීය .