සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී අලවතුවල ,කවින්ද ජයවර්ධන ,මුජිබර් රහුමාන් හා සුජිත් සංජය යන මහත්වරුන් අද යුගදනවි බලාගාරය නිරික්ෂණය කිරීමට ගියේය .

එයට පාදක වුයේ ආණ්ඩුව විසින් යුගදනවි බලාගාරයට සතු රජයේ භාණ්ඩාගාරයේ පැවති 40% කොටස් විදේශ සමාගමකට විකිණීමට කටයුතු කිරිමයි .

යුගදනවි බලාගාරය නිරික්ෂණය කිරිමෙන් අතරතුර එහි නිළධාරීන් හමුවී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කරුණු විමසා ඇත.

එහි නිළධාරීන් මන්ත්‍රීවරුන්ට කියා ඇත්තේ මෙය ලාභ ලබන ආයතනයක් බවත් මෙහි ක්‍රියාකරිත්වය ඉතාමත් හොදින් සිදු වන බවයි .

දේශිය වශයෙන් ක්‍රියාත්මක වන ආයතනයක් විනිවිදභාවයකින් තොරව 40%ක් විදේශ සමාගමකට විකිණීම ගැටලු සහගත බවයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත කියා සිටියේ .

වැඩි දුරටත් කියා සිටියේ කිසිම බාධාවකින් තොරව මේගාවොට් 300ක විදුලිය යුගදනවි බලාගාරයට නිපදවිය හැකි බවයි.

සටහන – CJ