හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ 2022 අයවැය යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාවේදී එම සභාවේ විපක්ෂයේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දැඩි කළහකාරී ලෙස හැසිරෙන ආකාරය ඊයේ (16) දැකගැනීමට ලැබිණි.

ඔවුන් සභාව මැදට පැමිණ ලිපිලේඛන පොළවේ ගසමින් වීදුරු කුඩු කරමින් මන්ත්‍රීවරුන්ට පහරදෙමින් වියරු ලෙස හැසිරී තිබිණි.

හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් කළ පැමිණිල්ලක් අනුව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ද ආරම්භ කර ඇත.