ආණ්ඩුව ඩොලර් අර්බුදයෙන් මිදෙන්න රටේ ඉඩම් 50ක් විකිණීමට සුදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද(16) හෙළි කළේය .
ඔහු මේ බව කියා සිටියේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යලයේ දීය .
වැඩි දුරටත් අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා ,
“ඩොලර් අර්බුදයෙන් මිදෙන්න විකල්පයක් හැටියට වටිනා ඉඩම් 50ක් ලහි ලහියේ විකුණන්න ලෑස්ති කරලා. ඒ සඳහා ඩොලර් බිලියන 6ක් උපයගන්න ව්‍යාපෘති පහක් වෙනුවෙන් MOU අත්සන් කර තිබනවා. ඒ ඉඩම් 6 මොනවද ඩී .ආර් විජේවර්ධන මාවතේ තියෙන ගුවන් හමුදා ඉඩම නාරාහේන්පිට, දෙමටගොඩ, ඔරුගොඩවත්ත, තුන්මුල්ල, තලවතුගොඩ, එම ප්‍රදේශවල තියෙන ඉඩම් ඇතුළුව ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානය විකුනනවා, මහජන බැංකුව රැජිණ ශාඛාව, සතොස ගබඩා සංකීර්ණය වෙන්දේසිය දාලා තියෙනවා. එය විදේශ කටයුතු අමාත්‍යාංශය ගොඩනැගිල්ල එම ගොඩනැගිල්ලේ තමයි ඒ කාලේ කැබිනට් මණ්ඩලය රැස්වෙන්නේ ඩී .එස් සේනානායක මහත්තයා ඉඳලා බණ්ඩාරනායක මැතිනිය ඇතුළු ඔක්කොම කැබිනට් මණ්ඩලය පැවැත්වීම් කළේ මේ ගොඩනැගිල්ලේ ඒක ඓතිහාසික ගොඩනැගිල්ලක් ලංකාවට නිදහස ලැබුනට පස්සේ ගත්ත සියලූ තීන්දු තීරණ ගත්තේ මෙම ගොඩනැගිල්ලේ එය ඓතිහාසික ගොඩනැගිල්ලක්, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, ගෆූර් ගොඩනැගිල්ල, යෝර්ක් ගොඩනැගිල්ල, හිල්ටන් හෝටලය, තැපැල් මූලස්ථානය, මහජන බැංකු මුලස්ථානය, සී-නෝර් ගොඩනැගිල්ල .මේ වගේ කොළඹ ඩී .ආර් විජයවර්ධන ඇතුළු අනිකුත් තැන් වල ගොඩනැගිලි විකුණනවා. මේවා විකුණන්න තමයි දේශප්‍රේමී රණවිරුවා ගෙනාව
ඒ වගේම තවත් ඉඩම් ගාල්ල මාතර මහනුවර බෝගම්බර නුවරඑළිය කුරුණෑගල යාපනය වව්නියාව අනුරාධපුර මුළු ලංකාව පුරාම තියෙන ඉඩම් ඔක්කොම ගණන් හදලා විකුනනවා.
ඒ වෙනුවෙන් දැනට නම් කරගෙන ඉන්නේ චීනය, ඩුබායි ,UAE, ඉන්දියාව, මැලේසියාව, ස්විට්සර්ලන්තය සහ ලංකාවේ සමහර ව්‍යාපාරිකයන්.
අද අන්තිමටම බංකොලොත් වෙලා සියලු දේපල විකුණන තත්ත්වයට පත්වෙලා ධනපතියෝ බංකොලොත් වෙනකොට ඇතිවෙන රෝග ලක්ෂණ සියල්ල මේ ආණ්ඩුව ඇවිල්ලා .අද ඩොලර් නෑ විදේශ සංචිත බිංදුවට බැහැලා ලෝකෙ තියෙන නරකම ආර්ථිකය බවට පත්වෙලා .ඒ විතරක් නෙමෙයි මේ රටට ගේන ආහාර ගන්න සල්ලි නෑ ඖෂධ කියන්න සල්ලි නෑ ඖෂධ සංග්‍රහයේ ඖෂධ 753ක් විතර තියෙනව ඒවගෙන් අත්‍යවශ්‍ය ඖෂධ 160 පමණ හිඟයි. ජීවිතාරක්ෂක බෙහෙතුත් නැහැ සර්පයෙක් කාලා රෝහලට ආවම ජීවිතය බේරගන්න අවශ්‍ය වෙන ඉන්ජෙක්ෂන් එක වත් නැහැ මේ බව පහුගිය දවසක පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කළා.”