වර්තමාන රාජපක්ෂ පාලනය පරාජය කර හැකි එකම නායකයා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි .

ඔහු කියා සිටින්නේ පොහොට්ටුව හැරණු විට ජනතා ජාලයක් තියෙන එකම පක්ෂය සමගි ජන බලවේගය බවයි.

අද විශාලතම බලවේගය සමගි ජන බලවේගය බව ද රාජිත සේනාරත්න මහතා ඊයේ(02) දවස වැඩසටහනට සහභාගි වෙමින් කියා සිටියේය .