අද වන විට දිවයිනේ ප්‍රදේශ රැසකින් ගෑස් පිපිරීම් වර්තා විමත් සමගම ගෑස් වල වරදක් ඇති බව විෂය භාර අමාත්‍යවරයා පිළිගෙන ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා පවසයි .

ගෑස් පිපිරීම ධීවර ජනතාවට මෙන්ම රටේම ජනතාවගේ ජීවිතවල ආරාක්ෂාවට ලොකු ප්‍රශ්නයක් බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ .

ගෑස් පිපිරීම් වලට කවුද වගකියන්නේ ? කවුද මේවාට උත්තර දෙන්නේ ? යනුවෙන් දිලීප් වෙදආරච්චි මහතා ප්‍රශ්න කර සිටියේ ය.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ ජනතාවගේ ජිවිත ආරක්ෂා කිරීමට නොහැකි නම් ආණ්ඩුවක් මොකටද ? යන්නයි .

ගෑස් වල ප්‍රමිතිය පිළිබද තොරතුරු දැනගැනීම සදහා ඊයේ දින (2021.11.30) ප්‍රමිති ආයතනය ගිය අවස්ථාවේදී.