හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක එක්සත් ජනපද යුධ හමුදා අණදෙන සහ සාමාන්‍ය මාණ්ඩලික විද්‍යාලයේ පසුගිය අඟහරුවාදා (16) පැවති උත්සවයකදී ජාත්‍යන්තර සදාතනික විශිෂ්ටයන්ගේ ලේඛනයට ඇතුළත් වී තිබෙනවා.

ඒ අනුව එම ලැයිස්තුවට ඇතුලත් වූ පළමු ශ්‍රී ලංකා යුධ හමුදාපතිවරයා ඔහුයි.

එහිදී එම විද්‍යාලයේ සදාතනික විශිෂ්ටයන්ගේ ශාලාවේ ප්‍රදර්ශනය කෙරෙන හිටපු යුද හමුදාපතිවරයාගේ ඡායාරූපයක් එළිදැක්වීමද සිදු කෙරුණු අතර ඔහු එම ලැයිස්තුවට එක් වූ බවට දැක්වෙන සම්මානයක්ද පිරිනැමුණා.