එක්සත් ජාතික පක්ශය බලය හිමි ඇල්ල ප්‍රාදේශීය සභාවේ 2022 වසර සඳහා වන අයවැය වැඩි ජන්ද හතරකින් පරාජය වී තිබේ.
එම අයවැයට පක්ෂව ඡන්ද 07ක්ද විරුද්ධව ඡන්ද 11ක්ද ලැබී ඇත.
අයවැයට විරුද්ධව පොදු ජන පෙරමුණ මන්ත්‍රී වරු 07ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙදෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයාද ස්වාධීන එක් මන්ත්‍රීවරයෙකුද ඡන්දය ලබාදී තිබේ.
පක්ෂව ඡන්දය ලැබී ඇත්තේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඡන්දය පමණි.
මන්ත්‍රීවරු තිදෙනෙකු ඡන්දය ලබාදීමෙන් වැලකී සිට ඇත.
මෙහි විශේෂත්වය වන්නේ 2021 වර්ශයේදී අයවැය කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී එවකට සිටි සභාපති යූ.බී අමිල බස්නායක, දෙවරක් අයවැය පරාජයෙන් පසුව ඉවත් වූ අතර නැවතත් ඔහුවම 2021 දී නව සභාපතිවරයෙක් ලෙස පත් කරගන්නා ලදී. ඉන්පසු 2022 වර්ශයේ අයවැය කෙටුම්පත පරාජය වූයේ එම සභාපතිවරයාම ඉදිරිපත් කළ අයවැය කෙටුම්පතක් වීම විශේෂත්වයකි.