ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කිරීම හරහා දැවැන්ත මුල්‍ය වංචාවක් සිදුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. මෙම පොහොර ගෙන්වීම සඳහා රුපියල් කෝටි 29 ක් දේශීය නියෝජිත සමාගමට ලබා දී ඇති නමුත් පොහොර ආනයනය සඳහා ඉන්දියානු සමාගමට ගෙවා ඇත්තේ රුපියල් කෝටි 09 ක් පමණක් බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ රුපියල් කෝටි 20 ක් හොරකම් කර ඇති බවයි.

මෙම මුදල් බැරකර ඇති ගොවි අරමුදල නැමති බැංකු ගිණුම, වංචනික කටයුත්තක් සඳහාම ආරම්භ කර ඇති බවත්, පසුගිය 18 වැනිදා ආරම්භ කළ ගිණුමට දින කිහිපයක් ඇතුළත කෝටි 29 ක් බැරකර ඇති බවද මුජිබර් රහුමාන් මහතා පවසනවා.

මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙනඑන බව ආණ්ඩුව ප්‍රකාශ කළද පසුගියදා ගුවන් මගින් ගෙනැවිත් තිබෙන්නේ මෙට්‍රික් ටොන් 25,000 ක් පමණක් බවද මන්ත්‍රීවරයා පවසනවා.

මෙම වංචාව සම්බන්ධයෙන් අද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා