හිටපු ඇමිතිනි නිරූපමා රාජපක්ෂගේ සිදුවීමේ වර්ෂයක් සඳහන් කරමින් මෙය යටගහන්න උත්සහ කරන බවට විපක්ෂය චෝදනා කරයි.

1995 වනතුරු තුරුකුමාර් නඩේෂන් මහතා ලංකාවේ ප්‍රබල පුද්ගලික සමාගමක සේවකයෙක් පමණක් බවත් ඔහුගේ බිරිඳ 1994 දී ඇමතිවරියක් වූ බවත් 2015 යහපාලන ආණ්ඩුව පැමිණිමෙන් නඩේෂන් මල්වාන මන්දිරය සම්බන්දයෙන් අත්අඩංගුවට පත්වූ බව අද පාර්ලිමේන්තුව අමතමින් එස් එම් මරික්කාර් මහතා පැහැදිලි කළේය.

2015 යහපාලන රජයෙන් සිදුකල විමර්ශන වලදී හොන්කොන් හි විදේශ බැංකු ගිණුමකින් නඩේෂන්ගේ නේෂන්ස් ට්‍රස්ට් ගිණුමට 2010දී ඇමරිකානු ඩොලර් විසිහතර ලක්ෂ දහතුන්දහස් අටසිය අසුහතරක් බැර වී ඇති බව මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම 2014-2015 කාලයේදී ද ඔහුගේ වෙනත් ගිණුමකට සල්ලි බැරවී ඇති බවත් දෙකේම එකතුව ඇමරිකානු ඩොලර් 34ලක්ෂ 43423ක් බවද ඔහු දැන් 19994 කතාවක් දාලා වහන්න හැදුවත් මේ කළු සල්ලි රාජපක්ෂ කාලයේදී සිදුවූ ඒවා බවට පැහැදිලි කරමිනි.