පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.ඒ මහතාට එම කැදවීම සිදුකර තිබුණේ අමාත්‍ය ධුරය දැරූ කාලයේ සිදුවූ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට බව පවසාය.
එම අවස්ථාවට සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර,ජ්‍යෙෂ්ඨ උප සභාපති කබීර් හෂීම් ,භාණ්ඩාගාරික හර්ෂ ද සිල්වා ,මාධ්‍ය ප්‍රකාශක මනුෂ නානායක්කාර, පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
එහිදී මාධ්‍ය ඇමතූ මනූෂ නානායක්කාර මහතා පවසා සිටියේ ඇත්ත හෙළිදරව් කරන මිනිසුන් දඩයම් කිරීමට ආණ්ඩුව කටයුතු කරන බවය.