වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනය කරන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.

අදළා පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, ව්‍යවසායකයෙකු වන සී.ඩී. ලෙනව මහතා විසිනි.

පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන කාලසීමාවේ ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසය.