රාජ්‍ය දේපල අවභාවිතා කිරීම වැලැක්වීම සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් මැතිවරණ කොමිෂන් සභාවට සහ සියලුම මැතිවරණ නිරීක්ෂණ ආයතන වෙත ලිපියක් බාර දී තිබේ.

මෙම ලිපිය බාරදීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්දමා තිබීම සහ එම ඡන්ද විමසීම පවත්වා අවසන් නොමැති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඒ වගන්තිය ප්‍රකාරව මැතිවරණ නීතිය තවමත් බලාත්මකව බවයි.

පළාත් පාලන මැතිවරණ නීතිය බලපවත්වන කාල සීමාව තුළ කිසිදු දේශපාලන පක්ෂයක්/කණ්ඩායමක්/අපේක්ෂකයෙක් ප්‍රවර්ධනයක් නොවන සේ කටයුතු කළ යුතු බව සහ ඒ සඳහා කිසිදු රාජ්‍ය දේපලක් යොදා නොගත යුතු බවත් එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවට සහ සියලුම මැතිවරණ නිරීක්ෂණ ආයතන වෙත විපක්ෂය විසින් බාරදුන් ලිපිය පහතින්,