නාගරික සංවර්ධන අධිකාරිය මාසික කුලී පදනම මත හෝ බදු පදනම මත ලබා දී ඇති පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ කඩකාමර 2024.07.15 වැනි දින වන විට එම අධිකාරියට නැවත ලබා දෙන ලෙස නියෝග කර ඇති බවත් ආරම්භයේ දී කඩකාමර 92ක් බෝට්ටු 6ක් පැවැතියත් මේ වන විට ව්‍යාපාර සිදුවන්නේ කඩකාමර 28ක බවත් හදීසියේම මේ කඩකාමරවල ඉන්න අයට ඉවත් වන ලෙසත් එය විදේශ සමාගමක් සමඟ යම් වැඩසටහනකට යන්න කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය යෝජනා කරන්නේ මෙම කඩකාමරවල සිටින අය සමඟ සාකච්ඡා කර ඔවුන්ට අගතියක් නොවන ආකාරයට විදේශ ඒකාබද්ධ ව්‍යාපෘතියකට යොමු වෙනවා නම් ප්‍රසම්පාදන හා ටෙන්ඩර් ක්‍රමවේදය හරහා විනිවිදභාවයෙන් යුත් ගණුදෙනුවකට යන ලෙස යෝජනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.