විදුලි සංදේශ පනත් කෙටුම්පත  ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අද (18) පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබුවා.

ඒ අනුව විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවත්, එය සංශෝධනය කළ යුතු බවත් එහි සඳහන්.

එහි ඇතැම් වගන්ති විශේෂ බහුතරයකින් (පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව මන්ත්‍රීවරු තුනෙන් දෙකක අනුමැතිය) සම්මත කළ යුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇති බවයි කථානායකවරයා විසින් අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවේ.