සමගි ජන බලවේගයේ නායක ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක වන සමගි රණවිරු සමුළුවේ, කොලොන්න ආසන සමුළුව එළඹෙන 2024.06.16 වන දින පෙරවරු 10.00 ට ඇඹිලිපිටිය සමගි ජන බලවේග ප්‍රධාන පක්ෂ කාර්‍යාලයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

රත්නපුර දිස්ත්‍රික් සමගි රණවිරු බලවේගයේ දිස්ත්‍රික් සම්මේලනය ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සමුළුවේදී කොලොන්න ආසනයේ විශ්‍රාමලත් වීරෝධාර රණවිරුවන් හට සමගි රණවිරු බලවේගයේ සාමාජිකත්වය පිරිනැමීමටද කටයුතු සුදානම් කර ඇත.

සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂ විතානගේ මහතා සංවිධානය කර ඇති මෙම සමුළුව ශ්‍රීලංකා යුධ හමුදාවේ හිටපු හමුදාපති මහේෂ් සේනානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

සමගි රණවිරු බලවේගය