වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආර්ථිකය පිළිබඳව දැනුමක් තිබෙන පුද්ගලයෙක් වුවද ඔහු මේ වන විට, රට ගොඩගැනීමේ මූලික අරමුණ වී තිබෙන ණය ප්‍රතිව්යුහගතකරණය වත් සාර්ථක කරගැනීමට අසමත් වී තිබෙන බව එස් එම් මරික්කාර් මහතා ප්‍රකාශ කරනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේ ඊයේ (27) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පිරිස කෙතරම් කයිවාරු ගැහුවත් මේ වන විට රටට සෘජු විදේශ ආයෝජන ගෙන ඒමට හෝ අපනයනය වැඩි කරගැනීමට කිසිඳු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බවත් ඔවු මේ වන විට සිදුකර තිබෙන්න ආර්ථික වශයෙන් ඉතාමත් අසීරු තත්වයකට පත්ව සිටින ජනතාවගෙන් තවදුරටත් බදු අයකරගැනීම පමණක් බවයි.

මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් මරික්කාර් මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

“රණසිංහ ප්‍රේමදාස මහත්තයා රට භාර ගනිද්දි උතුරේ යුද්ධයක් තිබුණා. දකුණේ භිෂණයක් තිබුණා. ෙඒ අවස්ථාවේ මහ බැංකුවත් බංකොලොත් වෙලා තිබුණේ. ඒ අවස්ථාවේ රාජ්‍ය ආදායම වැඩි කරන්න අයෝජකයන්ට ආරාධනා කරලා ඇගලුම් කර්මාන්තශාලා ඇතිකරලා රටේ ආදායම වැඩි කළා. ඒ නිසා තමයි ලෝක බැංකුව ජන සවියට මුදල් ලබාදුන්නේ.

අපනයනය වැඩි කරගනිමින් සෘජු විදේශ ආයෝජන වැඩි කරගනිමින් ණය ගෙවිමේ හැකියාව වර්ධනය කර ගනිමින් ජාත්‍යන්තරය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය කේවල් කිරිමේ බලය වැඩි කරගෙන්න ඕන. මේක කරන්න පුලුවන් කණ්ඩායම ඉන්නේ සමගි ජනබලවේගයේ පමණයි. මේ දේවල් සිදුකරන්න පුලුවන් වෙන්නේ සමගි ජනබලවේග ආණ්ඩුවකට පමණයි”