“සමගි රටක් අනගි හෙටක්” යන තේමාව මුල් කර ගත් සමගි ජන බලවේග මැයි රැළිය හෙට අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

සමස්ත දිවයින පුරා විසිරී සිටින සමගි ජන බලවේග පාක්ෂිකයන් දහස් ගණනකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනන මෙම මැයි දින රැළියේ ප්‍රධාන පෙළපාලි ද්විත්වය කොළඹ ඒ. ඊ. ගුණසිංහ ක්‍රීඩාංගනයේ සිට සහ ඩී. ආර්. විජේවර්ධන මාවතෙන් පටන් ගනී.

මෙම ප්‍රධාන රැළි දෙක කොළඹ කොටුව බලා ගමන් ගන්නා අතර අවසන් රැළිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාම මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට සවස කොළඹ කොටුවේදී පැවැත්වීමට නියමිතය.