සමගි ජනබලවේගය උත්සහ කරන්නේ වැඩ කරන ජනතාවට අභිමානයෙන් ජිවත්විමට හැකි රටක් නිර්මාණය කිරීමට බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා සඳහන් කරනවා.

මේ වන විට රටේ ජනතාව දැඩි ආර්ථික පීඩනයක සිටින අතර රැකියාවල තිබෙන සුරක්ෂිතභාවය පිළිබඳවද ගැටලුකාරී තත්වයන් මතුවී තිබෙන බව අවධාරණය කරමින් අත්තනායක මහතා කියා සිටියේ මෙම හේතූන් නිසා රටේ ජනතාවගේ සේවා සුරක්ෂිතභාවය සහ රටේ ජනතාව ආර්ථික වශයෙන් ශක්තිමත් කිරිම ඉතාම වැදගත් කටයුත්තක් බවත් ඒ සඳහා ජාතික ක්‍රියාදාමයක් ක්‍රියාත්මක කිරීම සඳහා සමගි ජනබලවේග ආන්ඩුවකින් ක්‍රියාකරන බවත්ය.

එතුමා වැඩිදුරටත් කියා සිටියේ වතුකරයේ සිටින ජනතාව දැඩි ආර්ථික අර්බුදයක සිටින අතර ඔවුන්ට ලැබෙන ආදායමෙන් ඔවුන්ට ජිවත් වීමට නොහැකි තත්වයක් උද්ගත වී තිබෙන බවත් ඒ සඳහා විපකල්ප විසදුම් ගණනාවක් සමගි ජනබලවේගය විසින් මේ වන විටත් යෝජනා කර තිබෙන බවත් වැඩකරන ජනතාවගේ සේවා සුරක්ෂිතභාවය තහවුරු කරන ශක්තිමත් වැඩපිළිවෙළක් සමගි ජනබලවේගය සකස් කරන බවත්ය.