මහ බැංකුවේ නියෝග නිසා රටේ ජනතාවට අද වන විට අධික පෝලියක් සහ අධික බද්දක් ගෙවීමට සිදුවී තිබෙන බවත් වර්තමානයේ රටේ ජනතාව ඉතාමත් අසීරු තත්වයකට පත්ව තිබෙන මොහොතක මහ බැංකුවේ නිලධාරින් 80%කින් පමණ වැටුප් වැඩිකරගැනීම යුක්තිසහගත නොවන බවත් හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු කියා සිටින්නේ පක්ෂයක් ලෙස රටේ මහබැංකුව ස්වාධින ආයතනයක් ලෙස ක්‍රියා කිරිම පිළිබඳව හා රටේ සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන මහ බැංකු නිලධාරීන්ට සුවිශේෂි දක්ෂතා තිබිය යුතු බවත්, ඔවුන්ට රටේ විශේෂ සැලකිල්ලක් දැක්වීම සම්බන්ධයෙන් විශ්වාස කරන නමුත්, රට ආර්ථික ලෙස දැඩි පීඩාවකට පත් සිටින මොහොතක අසාධාරණ ලෙස මහබැංකු නිලධාරින් ඔවුන්ගේ වැටුප් වැඩි කරගැනීම පුදුමයට පත්වෙන කාරණයක් බවත් මෙම හේතුව නිසා මහබැංකුවට ලබාදුන් ස්වාධිනත්වය වැරදි ආකාරයට ප්‍රයෝජනයට ගන්නේදැයි සැකයක් මතුව තිබෙන බවත්ය.
විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙම අදහස් ප්‍රකාශ කර සිටියේය.