ව්‍යවස්දායකය තුළ නීති සම්පාදනයේ දී ප්රශස්ත ප්රබුද්ධ ආකාරයට එය සිදුවිය යුතු වුවත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පතේ දී එවැන්නක් සිදුව නොමැති බවත් ඇමතිවරුන් විසින් පෞද්ගලික චරිත ඝාතන, පෞද්ගලික කෝන්තර ආවරණය කිරීම සඳහා එම පනත් කෙටුම්පත යොදා ගෙන ඇති බවත් ඒ තුළ ලක්ෂ 220 ක්වූ ජනතාවගේ අභිලාෂයන් ඉටු නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ලක්ෂ 220ක් ජනතාවගේ පොදු අභිලාෂයන් මූලික කර ගෙන නීති සම්පාදනය කරනවා වෙනුවට පාර්ලිමේන්තුවේ 225 දෙනාගේ පෞද්ගලික අභිලාෂයෙන් මුදුන්පත් කර ගැනීම අරමුණු කර ගෙන නීති සම්පාදනය වන්නේ නම් ඒ තුළින් මෙරට පාර්ලිමේන්තුවේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (24) පාර්ලිමේන්තුවේදී මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පතට අදාළ විවාදයේදී අදහස් පළකරමිනි.
එහි දී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරකසභාව ද මේ නීති සම්පාදන කටයුත්තේදී තමන්ගේ යුතුකම හරියාකාරව ඉටු කර නොමැති බව යි. මාධ්‍ය තාරුණ්‍යය උරුමය හා නූතන පුරවැසියා ලෙසින් එය හැඳින්වුවත් මාධ්‍ය කෙලසන තරුණ අයිතිය ඉවත් කරන උරුමයක් නොව කරුමයක් වුණු ගල් යුගයට රට ගෙන යන යෝජනාවක් සම්මත කළ කමිටුවක් ලෙස හැඳින්විය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ජනාධිපතිවරණ මහමැතිවරණ පවත්වන මෙම වසරේදී රටේ ජනතාවගේ භාෂණයේ නිදහස, අදහස් පළ කිරීමේ නිදහස ප්රජාතන්ත්රවාදී අයිතිය සහමුලින්ම කෙළෙසීම අරමුණු කර ගෙන මෙම පනත ඉදිරිපත් කර ඇති බවත් මේ පනත හරහා රටේ ඩිජිටල් ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය නම් පනත හරහා සමාජ මාධ්‍යයට අහිතකර බලපෑමක් සිදු වෙනවා
ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය යන ප්රජාතන්ත්රවාදය සුරැකීමේ කුළුණු 03ට එක්වන නවතම කුළුණ වන මාධ්‍ය යන කුළුණට මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය නම් පනත හරහා දැඩි බලපෑමක් එල්ල වන බවත් ඒ තුළින් මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍යයන්ගේ නිදහස සීමාවනවා.
ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය යන ප්රජාතන්ත්රවාදය සුරැකීමේ කුළුණුවල සිදුවන වැරදි අඩුපාඩු පෙන්වාදීමේ හැකියාව මාධ්‍ය සහ සමාජමාධ්‍යට පැවැතියත් මේ පනත හරහා එය ද සීමා වන බවත් එබැවින් මාධ්‍ය සහ සමාජමාධ්‍ය නිදහස සුරක්ෂිත කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.