නිල්වලා ගඟ හරස් කොට ඉදි කර ඇති ලවණ බාධකය නිවැරදි කර දෙන්නැයි ඉල්ලා මාතර දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලය අද (23) උදෑසන ආරම්භ කල විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මාතර නගරය තුල දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය.

දහසකට ආසන්න ගොවීන් පිරිසක් පලමුව මාතර එෛතිහාසික බෝධීන් වහන්සේ අභියස පැමිණ අධිෂ්ඨාන පූජාවක් පවත්වා ඉන් අනතුරුව විරෝධතා පා ගමනකින් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගනය ඉදිරිපිටට පැමිණියේය.

මේ නිසා මාතර කොලඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී වාහන ගමනාගමනයට බාධා එල්ල වු අතර පොලීසිය අනෙක් මංතීරුවෙන් වාහන ධාවනය සිදු කලේය.

කෙසේ වෙතත් එම නීසා මාතර නගරයේ දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිබුණි.

නිල්වලා ලවණ බාධකය නිවැරදි කර දෙන්නැයි බල කරමින් ගොවීන් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගනය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක් ද ආරම්භ කලේය. තම ගැටලුවට විසදුමක් ලබා දෙන තුරු එම උපවාසය අත් නොහරින බවට ඔවුන් ප්‍රතිඥාවක් ද දුන්නේය.

නිල්වලා ලවන බාධකය නිසා අද පාර්ලිමේන්තුව තුලත් උණුසුම් තත්වයක් දක්නට ලැබුනා ඒ මෙම නිල්වලා ගඟේ ලවනා බාධකය පිළිබඳව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුව තුලදී නැගූ ප්‍රශ්න හේතුවෙනි.

නිල්වලා ගග හරහා ඉදිකර ඇති ලවන බාධකය නිසා අක්කර 12000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති නමුත් තවමත් රක්ෂණ වන්දි හෝ වගා හානි ලබා දී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම ලවන බාධකය තුළ සිදුව ඇති ආපදාව සුළුවෙන් තැකිය නොහැකි බවත් ගංවතුර තත්ත්වය නිසා පාසල් උපකරණ තුළ සිට වගා හානි දක්වා බරපතල හානි සිදුව ඇති බවත් මේ ව්‍යාපෘතියට බිලියන 3ක් වියදම් කර ඇති අතර මෙම බාධකය ඉවත් කරන්න බිලියනයක් යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ ව්‍යාපෘතිය යන අතරතුර මෙම සැලසුමේ තිබූ නිර්මාණ අංග වෙනස් කර ඇති බවත් සියලු වංචා දූෂණ අක්‍රමිකතා නිසා විපතට පත්ව ඇත්තේ මාතර ගොවි ජනතාව බවත් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ඇහුවත් තවමත් විසඳුම් ලැබී නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියේ තවමත් වන්දි ලබා දීමට කටයුතු නොකිරීමට හේතු සහ රජය ලබා දෙන තිරසර විසඳුම් කවරේද කියාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (23) පාර්ලිමේන්තුවේදී මාතර නිල්වලා ගග ආශ්‍රිතව ඉදි කර ඇති ලවන බාධකය නිසා අවතැන් ගොවි ජනතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හඬ අවදි කරමිනි.

හැමදාම වැඩි වන්දියක් ලබා දෙන බව කිව්වත් වගාහානි වගා පාලු සහ රක්ෂණ වන්දි නොදී ඇති බවත් අක්කර දහස් ගණනින් පාඩු වී මිනිස් ජීවිත පවා අනතුරට පත්ව ඇති බවත් එබැවින් මේ සම්බන්ධයෙන් වන සාකච්ඡා අදාළ ක්ෂේත්‍රයේ ගොවි ජනතාව සමග සිදු කරන ලෙසත් එමඟින් ඔවුන් විඳින දුක කඳුළ වේදනාව අවබෝධ කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.