පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වූ චමින්ද විජේසිරි තමා ඉතාමත් ගරුකරන, හොද ගතිගුණ තිබෙන මන්ත්‍රීවරයෙක් බවත් වරප්‍රසාද පිළිබඳව පාර්ලිමේන්තුව තුල ඔහුට සිදුවූ අසාධාරණයක් මත මදනම්ව ඔහු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බවත් අද පාර්ලිමේන්තුව තුලදී සරත් ෆොන්සේකා පැවසීය.
“එතුමා V8 එකකින් දේශපාලනයට ඇවිත් දැන් ALTO කර එකකින් යන මිනිහෙක්, නැතුව C90කින් දේශපාලනයට ඇවිල්ලා V8 වල යන මිනිහෙක් නෙවෙයි”
මිට අමතරව සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ඉවත්වීමෙන් පසු එම පුරප්පාඩුවට පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත නයන වසලතිලක මහතාට ද්විත්ව පුරවැසිභාවයක් තිබෙන බවට ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරයකු කල චෝදනාව අමූලික බොරුවක් බවත් ඔහුට තිබෙන්නේ ඔශ්‍රේලියාවේ පදිංචියක් (PR) පමණක් බවත්ය.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මේ බව කියා සිටියේ චමින්ද විජේසිරි මහතා තම මන්ත්‍රී ධූරය මුදලට පාවාදී ඇති බවට ආණ්ඩු පක්ෂයෙන් නැගු අභූත චෝදනා වලට පිළිතුරු දෙමින්.