සක්වල සහ හුස්ම වැඩසටහන් පුංචි දේවල් වුනත් ඒ තුළින් නැති තැනට මුදල් ලැබී ඇති තැන් බවට පත්වන බවත් ජන සමාජයේ සියලු දෙනාටම අධ්‍යාපන අවස්ථා සඳහා විකල්ප අවස්ථා ලබා දිය යුතු බවත් මෙවැනි නව ක්‍රමවේද පැමිණියත් රාජ්‍ය පාසල් පද්ධතිය දියුණුවෙන් දියුණුවට පත් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දි වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (10) සක්වල තොරතුර තාක්ෂණ වැඩසටහනේ 64 වැනි අදියර යටතේ රත්මලාන කොතලාවලපුර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 64ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 614ක් වැය කර තිබේ.