ජාතික මැතිවරණ කොමිසම ලබන වසරේ ඔක්තෝබර් 16ට ‌පෙර ජනාධිපතිවරණය පවත්වා අවසන් කරන බව  ප්‍රකාශ කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් කොමිසම විසින් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය මාර්තු මාසයේ පැවැත්වීමට සැලසුම්කර තිබියදී නොපැවැත්වූ පළාත් පාලන මැතිවරණය සදහා මේ වන විට රුපියල් බිලියන 1.1ක් වැයවී ඇති බවයි.

එහි සභාපතිවරයා පෙන්වා දෙන්නේ ලබන වසර මුල සිට ජනාධිපතිවරණයට අදාළ කටයුතු ආරම්භ කරන බවත්, ඒ සදහා අයවැයෙන් බිලියන 10ක මුදලක් වෙන් කොට ඇති බවත්ය.