උතුරු ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට ඊශ්‍රායල ගුවන් හමුදා නැවත වතාවක් එල්ල කල ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 31ක් මිය ගිය බව පලස්තීන ප්රවෘත්ති ඒජන්සිය වන Wafa ඊයේ (14) සවස වාර්තා කළ අතර එම ප්‍රහාරයෙන් නිවාස 12 කට හානි සිදුවී ඇති බව එම වාර්තාව වැඩිදුරටත් දසහන් කර තිබෙනවා.
මෙම චෝධනා සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) තවමත් අදහස් දක්වා නොමැති අතර ඊශ්‍රායල හමුදාව පසුගිය කාලයේ ජබාලියා සරණාගත කඳවුරට ප්‍රහාරක එල්ල කර තිබෙන්නේ එම ප්‍රදේශ ආශ්‍රිතව හමාස් සටන්කාමීන් සහ ඔවුන්ගේ අණදෙන තනතුරු තුරන් කරන බව පවසමිනි.
ඊශ්‍රායල – හමාස් ගැටුම් මධ්‍යයේ ගාසා තීරයේ දරුවන් ලක්ෂ 7ක් අවතැන් වී තිබෙන බව යුනිසෙෆ් සංවිධානය පවසනවා.
එම සංවිධානය පවසන්නේ, මෙම දරුවන්ට අවශ්‍ය සහන සැපයීමට සහ ගාසා තීරයේ රඳවාගෙන සිටින ළමා ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට වහාම සටන් විරාමයක් අත්‍යවශ්‍ය බවයි.
ඔක්තෝබර් 7 වැනි දා ආරම්භ වූ ගැටුම් හේතුවෙන් මේ වනවිට ගාසා තීරයේ මියගොස් ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 11,240ක් වන බවත් ඒ අතුරින් 4,630ක් දරුවන් බවත් සඳහන්.
හාමාස් ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයේ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1200ක් පමණ වන බව ඊශ්‍රායල බලධාරීන් පවසනවා.
මේ වන විට පලස්තීනයේ රෝහල් පද්ධතිය ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් සම්පූර්ණයෙන් බිඳවැටී ඇති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ රෝහල් සුසාන භූමි බවට පත්ව ඇති බවයි.
ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතියද මේ වනවිට සම්පුර්ණයෙන් බිඳ වැටී තිබෙනවා.
රෝහල්වල විදුලිය සැපයුම බිඳ වැටීම හේතුවෙන් දැඩි සත්කාර ඒකක සහ නොමේරු ළදරු ප්‍රතිකාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටි දරුවන් වැඩි පිරිසක් මියගොස් ඇති බවද විදෙස් වාර්තාවල සඳහන් වනවා.
තුර්කිය, ඊජිප්තුවේ රෆා පිවිසුම ආසන්නයේ තාවකාලික රෝහල් ඉදිකිරීම ආරම්භ කර තිබෙන බවට වාර්තා වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රෝහල් 8ක් සඳහා අවශ්‍ය උපකරණ විදුලය ජනන යන්ත්‍ර සහ ගිලන් රථ රැගත් නෞකාවක් ඊයේ (13) ඊජිප්තුවට ළඟා වූ බවයි.