2024 අයවැය විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද(14) සිට 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දා පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.