හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉදිරියේදී ප්‍රබල බලවේගයක් සමඟ එකතු වී කටයුතු කරන බව සමගි ජනබලවේගයේ අක්මීමන ආසනයේ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (06) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විජයපාල හෙට්ටිආරච්චි මහතා මේ බව පැවැසීය.
විජයපාල හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ, හිටපු ජනාධිපතිනිය රට ගොඩනගන්න සහය ලබාදෙනවානම් සමගි ජනබලවේගයද ඊට සහය ලබාදෙන බවත්ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ විජයපාල හෙට්ටිආරච්චි මහතා මෙසේ පැවැසීය.
‘‘ජනාධිපතිවරයා මුදල් ඇමැතිවරයා විදිහට ඉදිරිපත් කරන අයවැය ලේඛනය පිළිබඳ රටේ ජනතාව සැලකිල්ලෙන් බලාගෙන සිටිනවා. වංචා දූෂණ වලින් රටට අහිමි වුණ ආදායම් සියල්ල අහිමිවෙලා ඒ තුළින් රටේ ජනතාව පීඩාවට පත්වෙමින් සිටිනවා. අරගලය තුළින් යම් කිසි වෙනසක් ඇතිවෙයි කියලා රටේ ජනතාව බලාපොරොත්තු වුණා. ලක්ෂ 69 ක් ඡන්ද ගත්ත ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ අනුගාමික පිරිස වගේම ගෝඨාභයට විරුද්ධව ඡන්දය ලබාදුන්න ලක්ෂ 54 ක ජනතාව එක පවුලක සාපයට යටවෙලා පීඩාවට පත්වෙලා මුලු රටම කඩා වැටෙන තත්ත්වයකට පත්කරලා තිබෙනවා.
ජනාධිපතිවරයාට පොදුජන පෙරමුණ කොන්දේසි දානවා. සමෘද්ධිය එකදිගටම පවත්වාගෙන යන්න , රටේ පුද්ගලීකරණය කරන රක්ෂණ සමාගම්වල රැකියා අහිමිවන අයගේ රැකියා පවත්වාගෙන යන්න කියලා පොහොට්ටුවේ පිරිස ජනාධිපතිවරයාට කොන්දේසි දාලා තිබෙනවා. ජනාධිපතිවරයා සිදුකරන යම් යම් විකෘති දේවල්වලට එරෙහිව පොදුජන පෙරමුණ කටයුතු කරනවා. නාමල් රාජපක්ෂ කියනවා රටේ ජනතාව පීඩා විදිනවා බලන් ඉන්න බෑ. අපි තීන්දුවක් ගන්න ඕන කියලා. ඔවුන්ට තීන්දු ගන්න ඇතිතරම් අවස්ථා තිබුණා.
හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළියට විරුද්ධව ගෙන ආපු විශ්වාසභංග යෝජනාව ඡන්දය දීලා කෙහෙළියට ශක්තිමත් කළා. එසේ කටයුතු කළ නාමල් රාජපක්ෂ දැන් කියනවා අයවැයේදී යම් යම් තීන්දු ගන්නවා කියලා. ඔවුන්ට කිසිදු තීන්දුවක් ගන්න බෑ. පොදුජන පෙරමුණේ පිරිසට ජනාධිපතිවරයාට විරුද්ධව කිසිවක් සිදුකරන්න බෑ. මාධ්‍ය සංදර්ශන තියමින් ජනතාව වෙනුවෙන් පොහොට්ටුව පෙනී සිටින බව පවසමින් නැවත පොදුජන පෙරමුණ සිදුකරන්නේ උලුව උස්සන්න හදන එක.
අයවැයට පෙර සීනිවලට රුපියල් 50 ක බද්දක් ගහනවා.ඉන්ධන මිල වැඩි කළා. ගෑස් මිල වැඩි කළා. මේවා අයවැයෙන් සිදුකළ යුතු දේවල්. රටේ ජනතාවට ඉදිරිපත් කරන්න යන්නේ අයවැය ලේඛනයක් නෙවෙයි ණය ලේඛනයක්. ආණ්ඩුව ඉදිරිපත් කරන්න යන අයවැය ලේඛනය හරහා ජනතාව අපහසුතාවයට පත්වෙනවා.
රුපියල් 20,000 ක් ඉල්ලලා රාජ්‍ය සේවකයෝ උද්ඝෝෂණය කරනවා. වතු කම්කරු පිරිසත් රුපියල් 20,000 ක් ඉල්ලනවා. විසි දාහකින් නෙවෙයි තිස් හතලිස් දාහකින් පඩි වැඩි කළත් අද ජීවත් වෙන්න බෑ. රුපියල් 20,000 ක් රාජ්‍ය සේවකන්ට වැඩි කරනවා වගේම රටේ වැඩකරන ජනතාවටත් යම් සහනයක් අයවැයෙන් ලබාදිය යුතුයි.
විදුලි බිල වැඩිකරලා , ඉන්ධන වැඩි කරලා , බදු ගහලා ආණ්ඩුව ආදායම් උපයනකොට තුන්වේලක් කාපු මනුස්සයාට දෙවේලක් කන්න හැකියාවක් ශක්තියක් නැතිවෙලා තිබෙනවා. මේ තත්ත්වයට රනිල් රාජපක්ෂ ආණ්ඩුව සම්පුර්ණයෙන් වගකිව යුතුයි. ජනපීඩක ආණ්ඩුවට එරෙහිව සියලු දෙනා ගැනී සිටිය යුතුයි.
රටේ සෑම ක්ශ්‍රේත්‍රයක්ම කඩන් වැටිලා තිබෙන්නේ. ආර්ථිකය , සෞඛ්‍ය , අධ්‍යාපන සියලු අංශ කඩං වැටිලා ඉවරයි. ඉතිරිවෙලා තිබුණ ක්‍රිකට් ක්‍රීඩාවත් දැන් කඩා වැටීමට ලක්වෙලා තිබෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව කඩන් වැටීමට ප්‍රබල හේතුවක් වී ඇත්තේ දේශපාලන ඇඟිලි ගැසීම්.
රටේ ජනතාව ඉල්ලේ මැතිවරණයක්. පළාත් සභා ඡන්දය කල් දාලා තිබෙනවා. පළාත් පාලන ඡන්දය ආගිය අතක් නෑ. ජනාධිපතිවරණය සඳහාත් විවිධ පිඹුරුපත් සකස්කරමින් යනවා. රටේ ජනතාවට තිබෙන එකම විසදුම අලුත් ජනමතයක් සමඟ අලුත් ජනාධිපතිවරයෙක් අලුත් ආණ්ඩුවක් පිහිටුවීම පමණයි. වර්තමාන ආණ්ඩුවට වර්තමාන ජනාධිපතිවරයාට පසුගිය වසර තුළ එක ඩොලරයක් ඉතිරිකරන්න බැරිවුණා.
ලංකා විදුලි බල මණ්ඩලය විදුලි ජනන යන්ත්‍ර 50 ක් ගෙන්වීමේදී කෝටි 50 ක මුදලක් රටට අහිමි කරලා තිබෙනවා. විශාල දූෂණයක් ඒ අවස්ථාවේ සිදුවෙලා තිබෙනවා. රටේ දූෂණ වංචා ගැන කෝපා කෝප් කමිටු වල සාකච්ඡා කරනවා. නමුත් එක් වැරදිකරුවෙකුටවත් තවම දඩුවම් ලබාදීලා නෑ. සීනි වංචාව සිදුකළ අයට , පොල් තෙල් වංචාව සිදුකළ අයට , පොහොර වංචා කළ අයට තවම කිසිදු දඩුවමක් ලබාදීලා නෑ. වංචා දූෂණ ගැන කතා කරන එක පමණයි ආණ්ඩුව සිදුකරන්නේ ඒ සම්බන්ධයෙන් කිසිදු නීතිමය පියවරක් ගැනීමට ආණ්ඩුවේ කිසිදු සූදානමක් නෑ.
යහපාලන ආණ්ඩු සමයේ සිදුවුණ බැදුම්කර වංචාවට අපිත් වගකිව යුතුයි. අපි ආණ්ඩුවේ හිටියේ හාල්මැස්සෝ වගේ , අපිට හඩක් නගන්න ඉඩ ලැබුණේ නෑ. තෝරු මෝරු වගේ හිටපු අය හඩ නැගුවේ නෑ. එයින් ඇතිවුණ දරුණු ඛේදවාචකයට අද අපි පත්වෙලා තිබෙනවා.
රටේ ආර්ථිකය ශක්තිමත් කරන , අපනයන කර්මාන්තය දිරිමත් කරන , කෘෂිකර්මාන්ත දියුණු කරන අයවැයකට රජය යා යුතු බව අපි ජනාධිපතිවරයාට අවධාරණය කර කියා සිටිනවා.
ප්රශ්නය – චන්ද්‍රිකා බණ්ඩාරනායක යළි දේශපාලනයට එනවා කියලා කියනවා.
පිළිතුර – හිටපු ජනාධිපතිවරිය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස පත්කරන්න යම් සේවයක් ලබාදුන්නා. චන්ද්‍රිකා බණ්ඩාරනායක ඉදිරියේදී ප්‍රබල බලවේගයකට එකතු වෙලා ඒ බලවේගය ශක්තිමත් කරන්න කටයුතු කරයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක රාජපක්ෂ පවුල වගේ තමන්ගේ පවුල් දූෂිත හොර නඩයක් බවට පත් කර ගත්තේ නෑ. චන්ද්‍රිකා බණ්ඩාරනායක දේශපාලනයට එනවට අපි කැමතියි. හිටපු ජනාධිපතිනියක් ලෙස රට ගොඩනගන්න ඇය සහය දෙනවානම් සමගි ජනබලවේගය කැමතියි. චන්ද්‍රිකා බණ්ඩාරනායක මෛත්‍රීපාල සමඟ හෝ රජපක්ෂවරු සමඟ එකතුවෙලා දේශපාලනය කරයි කියලා අපි විශ්වාස කරන්නේ නෑ.
ප්රශ්නය – ජනාධිපතිවරයා අලුත් පොලිස්පතිවරයෙකු පත් කරන්න ඇයි මෙච්චර ප්‍රමාද වෙන්නේ.
පිළිතුර – ඒක රටේ තිබෙන ලොකු ප්‍රශ්නයක්. පසුගිය දවස් වල නැවත කතා පැතිරුණා රටේ අධි ආරක්ෂිත කලාපවලට යම් අවධානමක් තිබෙනවා කියලා. මෙවැනි තත්ත්වයක රටේ පොලිස්පතිවරයාගේ ධූර කාලය මාස තුනෙන් තුනට සති තුනෙන් තුනට දීර්ඝ කරන තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. විධායක බලතල තිබෙන ජනාධිපතිවරයා පොලිස්පතිව පත් කරන්න මෙතරම් ප්‍රමාද වෙන්නේ ජනාධිපතිවරයාට අවශ්‍ය කෙනෙකුගේ යම් යම් කටයුතු සම්පුර්ණ වෙනකන් ද?
නැත්නම් එම පුද්ගලයා නඩු වලින් නිදොස් කොට නිදහස් වෙනකන් ද? ඒ සැකය අපිට තිබෙනවා. පොලිස් ඇමැති කියනවා හරක් කටා බේරගන්න ඔහුට කෝටි 70 ක් දෙන්න හැදුවා කියලා. එහෙනම් කෝටි 70 ක් දෙන්න හදපු කෙනා ගේන්නකො නීතිය හමුවට. මෙවැනි කතා කියන පොලිස් ඇමැතිවරයාව වහාම ඉවත් කළ යුතුයි.
ප්රශ්නය – විදුලි බිල අසීමිත ලෙස ඉහළ ගිහින් තියෙනවා. වැඩිවුණ විදුලි බිල ජනතාවට දරාගන්න බෑ නේද?
පිළිතුර – ජේ. ආර් ජයවර්ධනට ගාමිණි දිසානායකලාට අපි වදින්න ඕන. රටේ ජලාශ ඇති කරලා , විදුලි බලාගාර ඇතිකරලා රටේ විදුලි බල පද්ධතිය දියුණු කරන්න ඔවුන් විශාල සේවාවක් කරලා තිබෙනවා. ඒ ලැබුණු දේවල් අරපිරිමැස්මෙන් භාවිතා කරන්න මේ ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා. විදුලි බල මණ්ඩලයේ සියලු අලාභ අද රටේ ජනතාවගේ අය කරගන්න ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා. සියයට 400 කින් විදුලි බිල වැඩිවෙලා. ජලාශවල තිබෙන ජලය පරිස්සම් කර ගන් බැරි ආණ්ඩුවක්. ආණ්ඩුවට අපිට කියනවා අයවැයෙන් පුලුවන් නම් විදුලි බිල අඩු කරන්න.
ප්රශ්නය – අනුර කුමාර දිසානායක කියනවා ඔවුන් ඊළඟ ජනාධිපතිවරණය ජයග්‍රාහනය කරනවා කියලා.
පිළිතුර – ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීධුර ගත්තාට නමුත් ආණ්ඩුබලයක් ගත්තේ නෑ. නමුත් ඔවුන් අවුරුදු 50 ක් දේශපාලන භුමිකාවේ හිටියා. 71 ඉදලා නොයෙක් දේවල් සිදුකළා. නමුත් මොකක්ද මේ රටට ඇතිවුණ සෙත.
පසුගිය කාලයේ අනුර කුමාර දූෂණ වංචා වල ෆයිල් ගොඩක් ගෙනල්ලා කිව්වා දූෂණ වංචා වලට එරෙහිව අධිකරණයට යන්න සූදානම් කියලා. ජනතාව හිතුවා සියලු දූෂණ අනුරු කුමාර හෙළි කරයි කියලා. අද ඒ ෆයිල් ටික කො. අනුර කුමාර ලඟ තියෙන්න ඇත්තේ ෆයිල් කවර විතරයි. අද එක දූෂණ වංචාවක් උප්පු කරන්න ඔවුන්ට නොහැකි වෙලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති දවසින් දවස ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ඔවුන් ඇමෙරිකාවට විරුද්ධව යුද ප්‍රකාශ කළා. අනුර කුමාර ඇමෙරිකාවේ ගිහින් ඒ රටේ මිනිස්සුන්ට කියනවා ලංකාව ගොඩගන්න විදිහ. ඇමෙරිකාවේ යන්න ඕන නැ ඒකට. ලංකාවේ ප්‍රශ්න විසඳන්න ඕන තරම් විසදුම් තිබෙනවා. මේ රටේ බලය ගන්න බැරි කෙනෙකුට ඕන තරම් පොරොන්දු දෙන්න පුලුවන්.