රජය විසින් ඉදිරිපත් කල මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් විභාගය අවසන් කර තිබේ.

සමාජ මාධ්‍ය නියාමනයක් සිදුවීම පිලිබඳ අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් විභාගය අවසන් කර ඇත්තේ ඊයේ (19) රාත්‍රියේදීය.

අදාළ පෙත්සම් විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නිවේදනය කළේ, එහි රහසිගත තීන්දුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බවයි.

පෙත්සම් විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත වුණා.

මේ අතර රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් ගණන 50කට අධික බවයි වාර්තා වුනේ.