රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පට එරෙහිව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා  මෙම පෙත්සම ගොනු කර ඇති අතර එහි වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත් කෙටුම්පතට එරෙහිව සිවිල් සංවිධාන දේශපාලන පක්ෂ හා බහුජන කණ්ඩායම් ඇතුළු බොහෝ පිරිසක් මේ වන විට විරුද්ධත්වය ප්‍රකාශ කර අති අවස්ථාවක කාදිනල් හිමි හිමි මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.