වසරක් හෝ වසර එකහමාරක් යන විට මේ රටේ ආර්ථික තත්වය සමනය කරන බව මේ ආණ්ඩුව පැවසුවත් වර්තමානය වන විට ජනතාවට බදු පටවමින් ජිවත් විය නොහැකි තත්වයකට පත්ව ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම පලනි දිගම්බරම් පවසනවා.

ජනතාවට දිගින් දිගටම බොරු කියමින් සිටින මේ ආණ්ඩුව මැතිවරණ වලට බිය වි 2025 වසර වන තෙක් මැතිවරණ කල් දැමිමට කටයුතු කරමින් සිටින බවත් මේ රටේ ජන්දදායකයින් ජන්දයක් පැවැත්වෙනතුරු නොඉවසිල්ලෙන් බලා සිටින බවත් එතුමා මෙහිදී පැවසීය.

“මැතිවරණයක් පැවැත්වුවහොත් මේ රජය පලවා හැරිමට රටේ ජන්දදායකයින් බලා සිටිනවා”

ඊළඟට තියෙන මැතිවරණය ඡන්ද බලයක් නැති අයත් ඉදිරිපත්වෙන්න බලාගෙන සිටින අතර ඊළඟ ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යෙන්ම රටේ ජනාධිපතිවරයා වන බව දිගම්බරම් මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් සහ ජිවන තත්ත්වය ඉහල දැමිමට පොරොන්දු වෙලා තියෙන බවත් සුළු ජාතික ඡන්ද තිබෙන්නේ ඔහුට පමණක් බවත් පලනි දිගම්බරන් මන්ත්‍රීවරයා පවසනවා.