මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන්ම විනාශ කරන සමාජ මාධ්‍ය නියාමන පනත ඉවත් කර ගන්නා ලෙස ජනාධිපතිවරයාට දැනුම් දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මිලියන 230ක් ජනගහනයක් ඉන්න පාකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන්ට පවා මෙවැනි පනත් ගෙන ඒමට නොහැකි වූ බවත් එයට හේතුව අන්තර්ජාල හා සමාජමාධ්‍ය පදනම් කර ගත් ආයතන ඉවත්වීමට ගත් තීරණය බවත් යම් හෙයකින් අප රටේ ඇති එවැනි ආයතන රට අතහැර ගියහොත් සෘජු විදේශ ආයෝජනවලට වෙන දේ ගැන සිතා බලන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

ඊට අමතරව මෙම පනත නිසා ජනතාවගේ මුලික අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හා මානව අයිතීන් උල්ලංළනය වන බවත් එම නිසා මෙවැනි ඒකාධිපති ආඥාදායක පනත්වලට නොයා නිදහසේ තොරතුරුවලට ප්‍රවේශ විය හැකි ශක්තිමත් පනතක් ගෙන එන ලෙස ද ඉල්ලා සිටියේය.