ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF)  සමග ශ්‍රී ලංකා රජය ගෙනයනු ලබන වැඩපිළිවල මගින් යහපත් ප්‍රතිපල ලබාගත හැකි වන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන්  28% ක පිරිසක් පමණක් බව වෙරිටේ රිසර්ච් (Verité Research) විසින් වැඩිහිටි ශ්‍රී ලාංකිකයන් 1008 දෙනෙකු සම්බන්ධ කර ගනිමින් පසුගිය ජූනි මාසයේ දී කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

මෙම සමීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන්ගෙන් 45% ක් ම පවසා ඇත්තේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග යන ගමනෙන් යහපතක් නොවන බවයි.

සමීක්ෂණයට සහභාගී වූ පුද්ගලයන්ගෙන් 27% ක්, අයි.එම්.එෆ් සමග සිදු කරන මේ ගනුදෙනුව, යහපත් එකක් වනු ඇද්ද නැද්ද යන්න සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් ප්‍රකාශ කළ නොහැකි බව පවසා තිබේ.

ඒ පිලිබදව වැඩිදුරටත් සදහන් වන වීඩියෝපටය.