ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රකාශයන් දැක්කම මේ රට අමුවෙන්ම ඉදියවටයි චිනයටයි විකුනන්නද යන්නේ ? යනුවෙන් ඇසිය යුතු බව  සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක හා නියෝජ්‍ය ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා අද (17) විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහබාගී වෙමින් පැවසීය.

වත්මන් ජනාධිපතිතුමා විටින් විට ඇවිත් එක එක කතා කියන බවත් අද පුවත්පතකකට Sri Lankan children will have to learn Indian Chinese in the future යනුවෙන් ප්‍රකාශයක් කර තිබෙන බවත් මෙම ප්‍රකාශය දෙස බැලූ විට ජනාධිපතිවරයාගෙන් ඇසීමට ඇත්තේ  “මේ රට අමුවෙන්ම ඉන්දියාවටයි චීනයටයි විකුණන්න ද හදන්නේ කියලා බව මරික්කාර් මහතා මෙහිදී පැවසීය.

ඉස්සර නම් ආයෝජකයින් ලංකාවට පැමිණ ලංකාවෙන් විවිධ පල ප්‍රයෝජන ගැනීමට කටයුතු කරන අතර වර්තමානය වන විට රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව යටතේ ලංකාවේ සම්පත් ළඟටම ගිහිල්ල විකුනන බවත් සම්පූර්ණ ජනතාවගේ මුදල් බලය තිබෙන පර්ලිමෙන්තුවවත් විකුණුවේ කුමක්ද නොදන්නා බව කියමින් වත්මන් අර්බුදය මරික්කාර් මහතා පැහැදිලි කළේය.

පුර්ණ මූල්‍ය බලය තියෙනවා කියන පාර්ලිමේන්තුව කිසිම දෙයක් දන්නේ නැහැ. මොකද්ද ඉන්දියාවට ගිහිල්ලා කළේ කියලා අදානිත් එක්ක කතා කරලා තියෙන්නේ මොනවද දන්නේ නැහැ අදානිට විකුණලා තියෙන්නේ මොකද්ද දන්නේ නැහැ අනිත් පැත්තෙන් ඉන්දියාව ආයෙත් අවුල් වෙලා චීන නැවක් නිසා මම දන්නේ නැහැ මොකද වෙන්නේ කියලා.