සිංහල බෞද්ධ ජාතිකවාදීන් නැඟෙනහිර කැරලි ගසමින් අසමගිය හා ගැටුම් නිර්මාණය කරගනිමින් සිටින බවත් ආර්ථිකයේ ජනාධිපති ලෙස උද්දාමයට පත්ව සිටින රනිල් වික්‍රමසිංහ මෙම ගැටුම් නිර්මාණය කරන පීරිස් පිලිබදව කිසිදු තැකීමක් නොකරන බවත් සදහන් කරමින් සමගි ජන බලවේගයේ තරුණ නියෝජිතවරියක් වන චමත්කා රත්නායක twitter සටහනක් තබමින් ප්‍රකාශ කර සිටිනවා. 

එම twitter සටහනට අනුව චමත්කා රත්නායක වැඩිදුරටත් කියා සිටින්නේ සෑම ආකාරයකම වාර්ගික ජාතිකවාදය විසින් අප රටට සිදු කර ඇත්තේ බෙදීම සහ ආඛ්‍යාන තවදුරටත් ධ්‍රැවීකරණය කිරීම පමණක් බවයි.

මෙම තත්වය තුල සැමවිටම විදේශීය අවශ්‍යතා සපුරාලීමට සහ සමාජය බෙදා වෙන් කිරීමට අවශ්‍ය සාදක සම්පූර්ණ කරන අතර අපේ රටේ ජාතියේ අභිවෘද්ධිය වෙනුවෙන් එකමුතු වන ලෙස පැහැදිලි හඬක් නගන නායකයින් පහළවන තුරු  ආධී ගෝත්‍රික සංකල්ප මෙරටින් බැහැර කල නොහැකි බවත් මෙහි සදහන් කර තිබේ.

ජාතිකවාදය