අප රට තුළ සංචාරක කර්මාන්තයේ ඇති විශාල ප්‍රශ්නයක් ලෙස ජාතික සංචාරක ප්‍රතිපත්තියක් නොමැතිකම බවත් එය ඇමතිවරයාගෙන් ඇමතිවරයාට වෙනස් වන ප්‍රබලයන් කිහිප දෙනකුගේ වහල්භාවයට ලක්වූ ක්ෂේත්‍රයක් වි ඇති බවත් එහි නියැලි සිටින කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් අමතක කොට සුළු බලවත් කණ්ඩායමක් රජ වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් එය පරාජය කිරීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සංචාරක ප්‍රතිපත්ති නිර්මාණය වීමේ කේන්ද්‍රස්ථානයන්ට සහ ඊට අදාළ ආයතන වෙත සංචාරක ක්ෂේත්‍රයේ නියැලී සිටින පුද්ගලයන්ට සම්බන්ධ වී ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට සමගි ජන බලවේග රජයක් යටතේ ඉඩහසර වෙන් කර දෙන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ප්‍රබල දේශපාලන පවුලකට සම්බන්ධ සමහර පුද්ගලයන් රුසියානු සංචාරකයන් පමණක් ඉලක්ක කර ගෙන තමන්ගේ වාසියට එම කටයුතු සිදු කිරිම තුළ සංචාරක කර්මාන්තයේ නියැලි සිටින සාමාන්‍ය ජනතාවට විශාල අගතියක් වන බව යි.

දඹුල්ල ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ නියෝජිත පිරිසක් ඊයෙ විපක්ෂ නායක කාර්යාලයේදී හමුවෙමින් අනතුරුව විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.