ඩෙංගු උවදුර අධි අවදානම් තත්ත්වයක් කරා ගමන් කිරීමට මෙම රජය සෘජුවම වගකිවයුතු බව ඊයේ(23) විපක්ෂ නායක විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ වර්තමානයේ ඇති වී තිබෙන ඩෙංගු අධි අවදානම් තත්ත්වය පිළිබඳව වත්මන් රජය වගකිවයුතු බවත් ඒ සඳහා වගකිවයුතු ආයතනය වන පළාත් පාලන ආයතන වසර ගණනාවකින් මැතිවරණ නොකියා අක්රීය කිරීම මේ සඳහා මුල් වී ඇති බවත්ය.

ඒ වගේම තවත් අනාවරණයක් කරන්න තියෙනවා මේ රටේ ආහාර හිඟයක් ඇවිත් ගොවීන් සිය දිවි නසාගන්න තත්ත්වයට පත් වෙච්ච මහා ආපදාවක් වසර දෙකකට කලින් සිදුවුණා එවැනි දෙවැනි ආපදාවක් සෞඛ්‍ය ක්ෂේත්‍රය. අද වෙනකොට විශේෂඥ වෛද්‍යවරු රට අතහැරලා යනවා. ගිය අවුරුද්දේ විතරක් විශේෂඥ වෛද්‍යවරු 600කට ආසන්න ප්‍රමාණයක් රට අතහැරල ගිහින් .2021 වෙනකොට අවුරුදු දෙකක් ඇතුළත වෛද්‍යවරු 2000ට ආසන්න ප්‍රමාණයක් රට අතහැරල ගිහින් තියෙනවා එවැනි තත්ත්වයකදී අද පුවත් වල දැක්කා හම්බන්තොට ශික්ෂණ රෝහලේ සතිඅන්තයේ ශල්‍යකර්ම කරන්න බැරි තත්වයට පත් වෙනවා කියන එක වාර්තා වෙනවා. ඒත් එක්කම අපි දැක්කා ඇඹිලිපිටිය රෝහලේ පකරණ බොහොමයක් වැඩ කරන්නේ නැහැ එහිදී කුඩා ළමුන් දිලිදු දරුවෝ ඒ මොහොතේ ඉපදෙන දරුවන්ගේ ජීවිත බේරගන්න බැරි තත්වයකට පත්වෙලා ඒත් එක්කම රෝහල්වල ඖෂධ නැහැ කියන එක අපි දිගින් දිගටම ආණ්ඩුවට කිව්වා ආණ්ඩුව අහන්නේ නැහැ සමහර දිස්ත්‍රික්ක පළාත් රෝහල් වල මේ වෙලාවේ ඉන්ෆ්ලුවෙන්ස තියෙනවා කෝවිඩ් තියෙනවා හැබැයි දෙන්න තියෙන්නේ විටමින් සී සහ පැනඩෝල් පමණයි අඩුම ඇන්ටඊස්ට විටමින් වත් දෙන්න ආන්ඩුවේ සමහර රෝහල් වල නෑ. අත්‍යවශ්‍ය ඖෂධ බොහොමයක් නැහැ අවශ්‍ය කරන උපකරණ නැහැ ඒවා සියල්ල අද රෝගීන් ගේන තත්ත්වයට පත්වෙලා රෝගීන්ට සල්ලි නැත්නම් තමන්ගේ ශල්‍යකර්මයක් කරගන්න බැරි තැනට පත් වෙලා සමහර පුද්ගලයෝ සහ කණ්ඩායම් කියනවා රෝහල් පෞද්ගලීකරණය කරන්න යනව කියල හැබැයි රෝගීන්ට සල්ලි නැත්නම් තමන්ගේ ශල්‍යකර්මය කරගන්න බැරි තත්ත්වයට අද පත්වෙලා තියෙනවා ඒකයි රටේ සෞඛ්‍ය පද්ධතියට වෙලා තියෙන්නේ මම විශ්වාස කරනවා මේ විදියට මාස හයක් තවදුරටත් සෞඛ්‍ය පද්ධතිය ක්‍රියාත්මක කලොත් අනිවාර්යයෙන්ම මේ රටේ සෞඛ්‍ය ආපදාවක් අනිවාර්යෙන්ම රට තුළ සිදු වෙනවා. ඒක වළක්වන්න බැහැ එතකොට වෙන්නේ රෝගීන් රෝහලට ගියාම වෛද්‍යවරු නෑ පාමසියට ගියාම ඖෂධ නෑ අපිට වෙන්නේ එක්කෝ පිට රටින් වෛද්‍යවරු ගෙන්වන්න එහෙමත් නැත්නම් පිටරට ගිහිල්ලා බෙහෙත් ගන්න හෝ මේ රට තුළ මැරිලා වැටෙන්න කියන එක රජයටත් ජනතාවටත් අනතුරු අඟවනවා