පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන අන්තනෝමතික කුමන්ත්‍රණයට එරෙහිව ගතහැකි ඉදිරි පියවර සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් අද විපක්ෂ විපක්ෂනායක කාර්යාලයේ හමුවී සාකච්ඡා කළා.
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට, මහාචාර්ය G.L.පීරිස්, රාවුෆ් හකීම්, එම්.ඒ. සුමන්දිරන්, රිෂාඩ් බදියුදීන්,පලනි දිගම්බරන්, ආචාර්ය නාලක ගොඩහේවා, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් කිරිඇල්ල සහ රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් එක්ව සිටියා.
ආණ්ඩුව ක්‍රියාත්මක කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව ගත හැකි සියලු පියවර ගැනීමටත්,ඒ වෙනුවෙන් සක්‍රීයව මැදිහත් වීමටත් ඔවුන් එහිදී තීරණය කළා.