මැතිවරණය කඩාකප්පල් කිරීමට කටයුතු කළ සියලු දෙනා නීතිය හමුවට ඒකාන්ත වශයෙන්ම ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පොහොර තහනම් කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගත් අදූරදර්ශී තීන්දුව සමග හිට ගනිමින් මෙරට ගොවි පරපුර විනාශ කිරීමට කටයුතු කළේ කවුද කියා රටම දන්න බව පැවසූ විපක්ෂ නායකතුමා, අද අලි කපුටු පොහොට්ටු කුමන්ත්‍රණයක් සිදු කරමින් මැතිවරණය පවා කල් දැමීමට කටයුතු කරමින් සිටින බවද පැවසීය. විපක්ෂ නායක තුමා මේ බව පවසා සිටියේ නාවලපිටිය නගරයේ පැවති ජන රැලියකට එක්වෙමිනි.