ගාල්ල හිනිදුම හිනිදුම්පත්තුව සමුපකාර ප්‍රාදේශීකයේ ජයග්‍රහණය සමගි ජන බලවේගය හිමි කරගෙන ඇත. වසර විස්සකට වැඩි කාලයක් එහි බලය තිබුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ පොහොට්ටුවට ය.

එහි සභිකයින් 99කින් 52ක් ජයග්‍රහණය කොට ඇත්තේ සමගි ජන බලවේගය යි.සමගි ජන බලවේගයේ ජයග්‍රහණය ගිලිහී ගිය බොහෝ ප්‍රමාණයකට හේතුව අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප වීම වැනි කාරනා බවද වාර්තා වේ.

සමස්තයක් ලෙස හිනිදුම්පත්තුවේ ජයග්‍රහණය හිමිව ඇත්තේ සමගි ජන බලවේගය ටය.

හිනිදුම ආසනයේ සමගි ජන බලවේගය ප්‍රධාන සංවිධායකවරයා වන්නේ හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාය.

මේ වන විට රට පුරා පැවති සමුපකාර සමුපකාර නිලවරණ වලින් සමගි ජන බලවේගය අති විශිෂ්ට ජයග්‍රහණ ලබා ඇති අතර එයිනුත් පොහොට්ටුවේ බලකොටු ලෙස පැවති සමූපකාර නිලවරණද ඉහළින්ම ජයග්‍රහණය කොට ඇත්තේ සමගි ජන බලවේගය යි.