69 ලක්ෂයක් තියා ලක්ෂ 09ක් වත් ආණ්ඩුවට නෑ – රාජිත කියයි

වත්මන් ආණ්ඩුව බලයට ඒම සදහා ලබා දුන් ඡන්ද ලක්ෂ 69න්, ලක්ෂ 9ක් වත් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය .

ඔහු කියා සිටින්නේ ආණ්ඩුවට බලය ඇත්තේ පාර්ලිමේන්තුවේ හා ප්‍රදේශිය සභා තුල පමණක් බවත් මේ වන විට ග්‍රාමීය මට්ටමේ පොහොට්ටුවේ නායකයින් සමගි ජන බලවේගය සමග එක්විටම සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව ද කියා සිටියේ ය.

රණසිංහ ප්‍රේමදාස නමත් සජිත් ප්‍රේමදාස නමත් නිවාස සමග බැදී ඇති බව ද රාජිත සේනාරත්න මහතා පැවසීය .

රාජිත සේනාරත්න මහතා මේ බව කියා සිටියේ අද(05) සමගි ජන බලවේගයේ පක්ෂ කර්‍යාලයේ දීය .