“රෝගීන්ගේ නිරෝගී වීමේ අයිතිය, ජීවත් වීමේ අයිතිය සහ නිදහස් සෞඛ්‍ය සේවයේ සුරක්ෂිතභාවය රැකගනිමු” යන මැයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව මහජන පෙත්සම අත්සන් කිරීම ඉකුත් දින (2023/08/11) පස්වරුවේ කළුබෝවිල ශික්ෂණ රෝහල අසලින් ආරම්භ විය.

කෙහෙළිය රඹුක්වැල්ල

සෞඛ්‍ය ඇමතිට එරෙහි මහජන පෙත්සම අත්සන් තැබීමේ අවස්ථාවන්හි ප්‍රධර්ශනය කරනු ලැබූ බැනරය

ඒ වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමගින් මරණ සිදුවීම යන කරුණු රාශියක් ඇතුළත් කරමින් 2023/08/06 සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමෙන් පසුවයි.

මෙම මහජන පෙත්සම අත්සන් තැබීම වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්‍ෂේත්‍රය දුර්වල කිරීම හා එමගින් මරණ සිදුවීම යන ආධී කරුණු රාශියක් මූලික කරගනිමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඇතුලත් රෝගීන්ගේ අයිතිය සහ නිදහස් සෞඛ්‍ය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් සංවිධනය කරනු ලැබූ අතර දිවයින පුරා විවිධ ස්ථාන වල දීපව්‍යාප්තව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහනට පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දිවයින පුරා මහජනතාව සහය දැක්විය.

මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කිරීම සදහා සමගි ජන බලවේගය (SJB), ජාතික ජන බලවේගය (NPP), දෙමළ ජාතික ජනතා පෙරමුණ (TNPF) සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුමගේ නිදහස් ජනතා කොංග්‍රසය (FPC) මෙන්ම විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන පාඨලී චම්පික රණවක සහ කුමාර වෙල්ගම ද මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කිරීම සදහා අත්සන් තබන ලදි.

පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට අනුව දින තුනක විවාදයකින් පසුව අද දින පැවති සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාවට විපක්ෂව ඡන්ද 113ක් හිමිවූ අතර පක්ෂව හිමිවූයේ ඡන්ද 73කි.

එම මන්ත්‍රී ලැයිස්තුව පහතින්,

ඡන්ද_විමසීම_-_සැප්_8

එම විෂවසභංග යෝජනාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ

මේ විශ්වාස භංග ඡන්ද විමසීමේදී මිනිසුන්ගේ යහපත ගැන සිතා මිනිසුන් පැත්තේ හිට ගත්තේ කවුද සහ හොරුන් වංචාකාරයන් සමග පුරවැසියන් ගේ ජීවිත විනාශ කරන්න හිට ගත්තේ කවුද කියා පැහැදිලිව ජනතාවට හදුනා ගත හැකි වූ බවයි.

එහි දි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ඖෂධ මගඩි හොරකම් සමග පාර්ලිමෙින්තුවේ 113ක් හිටගත් බවත් ජන වරමේ යථාර්ථය එය නමුත් තව ටික කාලයකින් ඖෂධ මගඩි හොරකම් හරහා මුදල් ගසා කන මේ පුද්ගලයන් එලවා දැමීමට ජන වරමක් ජනතාවට ලැබෙන බවත් එදාට ජනතාව හරි තීරණය ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.