යහපාලන ආණ්ඩුවේදී සම්මත කළ ගත් 19 වැනි සංශෝධනය ඉවත් කළ ජනාධිපතිවරයාට තවත් බලය ලබා දීමට සම්මත කළ ගත් 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා රට අවුල් සහගත තත්ත්වයක මුහුණ දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසයි .

20 සම්මත කළ ගැනිමට එදා අත් උස්සපු ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් නැවතත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමට කටයුතු කරමින් ඇති බවත් එබැවින් ඔහුන් ලෑජ්ජ විය යුතු බවත් 20ට අත උස්සපු සියලුදෙනා ජනතාවගෙන් සමාව ගත යුතු බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේ .

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඊයේ දින සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කථානායකවරයාට භාර දුන් බවද, කියා සිටියේය .

ඉදීරියේදී එම කෙටුම්පතේ අන්තර්ගතය පිළිබඳ ජනතාව දැනුවත් කරන බව ද, පැවසීය .

සටහන – CJ