සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට සහභාගී වීම සදහා පාක්ෂිකයන් සමග කොළඹට පැමිණීමට සූදානමින් සිටි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ කණ්ඩායම කිරිබත්ගොඩදී නවතාලීමට පොලිසිය පියවර ගෙන ඇත.

ඒ අනුව අධිකරණ නියෝගයන්ට අනුව පෙළපාලි යාම තහනම් කර ඇති බව පොලිසිය විසින් කළ දැනුම් දීමෙන් පසු කිරිබත්ගොඩ නගර මධ්‍යයේ නිහඩ විරෝධයක නිරත වීමට ෆොන්සේකා මහතා පියවර ගත්තේය.